වරද කාගෙද💖
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgg8LsQDutcbHWXtyKV0QKwSVY10l3jST6MG6NwRcBMgsnzo2L71P6EKimS7UaJSn4Pjm1rS6_vCUwCtCjtZq4rJebIgNUk38QCeI-Ihvv4HA_AvWhgqsKucXV7F3RU2ypI7jCe2KNM80SU/s320/PicsArt_07-27-11.34.19.jpg)
ජනෙල් කූරු අතරින් පැනනැඟෙන රන් පැහැ හිරු රශ්මිය මා දෙස ඔච්චමට බලමින් මේ අඳුරු කුටිය ඕනෑකමින්ම පසු කර ගොස් කෙළවරේ බිත්තිය මත පතිත විය. උදෑසනක් යනු අලුත් ආරම්භයක් වුවද එය මගේ ජීවිතයට එසේමැයි නිශ්චිතව කිව නොහැක. මට නැවත එහි යාමට අවශ්‍ය නැත.නමුත් උරුම තැන හැරදමා කොහි කියා යන්නද? උණ බට දෙකකින් සාදා නිමකළ කඩුල්ලේ එක් උණ බටයක් පමණක් ඉතිරිව ඇත. ගහ කොලින් වැසී ගිය ඉඩමේ කොළ රොඩු මිදුලම වසා ගෙන ඇත.මිනිස් පුළුටක් නොපෙනෙන ගඩොලින් නිම කළ කුඩා නිවස පාරට දිස්වූයේ පාලු හොල්මන් ගුහාවක් ලෙසටය.විසිපස් වසරක ඇවෑමෙන් මේ ගොඩනැගිල්ලට මෙසේ ඇතුල්වන ප්‍රථම පුද්ගලයා මා විය යුතුය. අගුලු දමා නැති ඉදිරිපස දොර තවමත් තද වී ඇත්තේ වැස්සෙන් පීඩා විඳි නිසා විය හැක.වහලයට දමා ඇති ටකරම ඉදිරිපසින් පැලී යාම නිසා ඉදිරිපස දොරෙත් ඒ බිත්තියෙත් තෙත් බැහැපු පෙනුමක් දිස්වන්නට විය. දිගු කාලයක් වසා තිබීම නිසාම ඇතුළතින් ආ හුමාලය අතීත මතක සියල්ලන් පාරවන්නට සමත් වූ අතර එම අතීතයත් මේ හුමාලය තරම්ම අප්‍රසන්න නිසාම සියලු ජනෙල් දොරවල් හැරදමන්නට මම වේගයෙන් ඇතුළට වැදුනෙමි. කාමරයේ දොර තවමත් බාගෙට හැරදැමූ ගමන්.ය.එදින රාත්‍රියේ මා පො...