සප්‍රායිස්💖
දසුන් නිවසින් පිට ගතකරන පළමු රැය මෙය නොවේ.මෙයට පෙර එක් අවස්ථාවකදීත් ඔහු එසේ නිවසින් පිට රැයක් ගත කරේ තම ආයතනයේ නවතම ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහාය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පරිපථ ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන ඔහු මෙවර නිවසින් පිටවන්නේ කුරුණෑගල නගරයේ අලුතෙන්ම ඉදිකෙරෙන දුරකථන කුලුණේ වැඩකටයුතු සොයාබැලීමටයි.
උදෑසන කොළඹ ප්‍රධාන ශාඛාවේ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව සවස් යාමයේ කුරුණෑගල බලා යාමට ඔහුට සිදුවිය.
සෙනුරි තම ආදරණීය සැමියාට සමුදුන්නේ එතරම් හිත හොඳකින් නොවේ.විවාහයෙන් පසු ඔහු මෙසේ නිවසෙන් පිටවන දෙවනි වතාවයි මේ.
රාත්‍රී ආහාරයෙන් පසු ජනෙල් දොරවල් වසා දමා සෙනුරි තනිවම උඩු මහළේ තම නිදන කාමරයට වැදුනේ තමන් හා නිදාගන්නැයි දසුන්ගේ මව විසින් ගෙනා ඉල්ලීමද ප්‍රතික්ශේප කරමිනි.
පැය ගණනක් යනතුරුම නින්ද ඈ අසළට නොපැමිණි අතර ඇය සිටියේ නින්දත් නොනින්දත් අතරය.
යම් යම් ශබ්ද ඇයට ඇසෙන්නට වූවෙන් ඇය ඉතිපිසෝ ගාථාව සිතින් මතුරමින් දෑස් තදකොට පියාගත්තාය.
එක්වරම කාමරයේ දොර රෙද්ද මෑත් වෙන හඬත් ඒ සමගම සුවඳ විලවුන් ගැල්වූවාක් මෙන් සුවඳවත් සුළං පොදක් කාමරය තුළට ගලා එන්නටත් විය.
සෙනුරි අඩවන් වූ දෑසින් කාමරය පුරා නෙත් යවන්නට වූ අතර ඒ දුටු දෙයින් ඇය තිගැස්සී ගියාය.
අඩ අඳුරේ කාමරය තුළ සක්මන් කරන රුව කණ්ණාඩි මේසය ළඟ නැවතුනේය.
මෑත් වූ දොර රෙද්දෙන් කාමරය තුළට ගලා ආ සාලයේ බුදුරුව අසල දැල්වෙන අඳුරු බල්බයේ එළියට ඔහු සතු යමක් දිලිසෙන්නට විය.
දෑස් විශාල කරමින් ඒ දෙස බැලූ සෙනුරිට හීල්ලුණි.
"පිහියක්!"
එසැණින්ම එම පුද්ගලයා සෙනුරිගේ ඇඳ දෙසට එන සේයාව දකිත්ම සෙනුරිගේ හදගැස්ම වැඩිවෙන්නට විය.
කරකියාගත දෙයක් සිතීමටවත් නොහැකි වූ තැන ඇය තම කොට්ටය යටට අත දමා තමා ආරාක්ශාවට තබාගෙන සිටි පිහිය තදින් අල්ලාගන දෑස් පියාගත්තාය.
විලවුන් සුවඳ ළඟ ළඟම දැනෙද්දී ඇය මළමිනියක් සේ කිසිදු හැලහොල්මනක් නැතිව හුස්ම පවා තද කරගන්නට විය.
කම්මුලට දැනුනු උණුසුම් සුසුම් හරහා ඔහු ඇගේ මුහුණට බරවී සිටින බව ඇයට වැටහෙන්නට විය.නමුත් කිසිවක් නොදැනෙන ලෙස තද නින්දේ පසුවන අයෙක් මෙන් සෙනුරි හැසිරුණාය.
නැවතත් දැනුනු සුවඳ විලවුන් මිශ්‍ර වාතයෙන් ඔහු ඇය පසුකර යන බව ඇයට වැටහෙන්නට විය.ඒ සමඟම මෑත් වුණු දොර රෙද්දේ සියුම් හඬට ඇය දෑස් හැර බලන්නට විය.
ඇයගේ සිහියට ආවේ පහළ මාලයේ නිදන දසුන්ගේ මහලු මව හා පියාය.
සිතට දැනුනු කම්පනයත් භීතියත් මිශ්‍ර අමුතු ශක්තියක් සෙනුරි තුළ කැකෑරෙන්නට වූයෙන් ඇය අල්ලාගත් පිහියද අතැතිව ඒ ක්ෂණයෙන්ම ඇඳෙන් පැන්නාය.
දොර රෙදි තිරයෙන් ආගන්තුකයාගේ චලන අධ්‍යනය කළ සෙනුරි ඔහු නැවතත් කාමරය දෙසට ඇදෙනවා දකිත්ම අත තිබූ පිහිය ඒ දෙසටම ඉලක්ක කරගනිමින් බලා සිටියාය.
ඒ කිසිත් නොදත් ආගන්තුකයා පුරුදුකරුවෙකු මෙන් කාමරයට ඇතුල්වෙත්ම සෙනුරි තමන් සතු සියලු ශක්තීන් යොදා ඔහුට ඇනගෙන ඇනගෙන යන්නට විය.
වේදනාවෙන් කෙඳිරිගෑ ඔහුගේ සියුම් හඬක්වත් නෑසෙන තෙක්ම පිහියෙන් කූරු ගෑ සෙනුරි දොර ළඟම ඇද වැටුණාය.
කැරපොත්තෙක්වත් මරාගැනීමට නොහැකි සෙනුරි වෙව්ලන දෑතින් පිහිය විසික් කර තමා ළඟ වැටී සිටි ලේ පෙරාගත් ආගන්තුකයා දැක එතනින් දුවන්නට විය.
නමුත් ඇති වූ කම්පනය නිසාම ඇද වැටුණු ඇය බඩගාමින් තරප්පු පෙල දෙසට ඇදෙන්නට විය.
දසුන්ගේ මවට කතාකිරීමට උත්සාහා කළද ඇගේ හඬ පිට නොවුනු නිසාම අතපත ගා සොයාගත් ළඟ තිබූ නිවසේ දුරකථයෙන් පහළ මාලයේ සිටි මවට ඇමතුමක් ගත්තාය.
"හෙලෝ"
"අම්...මේ....අ...ම්මේ..."
"දුවේ ඇයි?"
ඇයි අසමින්ම ඇය තරප්පු පෙළ දිගේ උඩට එන ශබ්දය සෙනුරිට ඇසෙන්නට විය.
"ඇයි දුවේ මේ?"
දසුන්ගේ මවට පිළිතුරු දීමට තරම් ශක්තියක් ඇය තුළ නොවීය.ඇය අත දිගු කර තම නිදන කාමරය පෙන්වූ අතර මව ඒ දෙසට දිව යන්නට විය.
එක්වරම මව "මගේ පුතා" කියමින් විළාප දෙන්නට වූයෙන් සෙනුරි ඒ දෙසට යන්නට සැරසුණා පමණි....මේස කකුළක හැපුණු ඇය නැගිට්ටේ මේසය මත තිබී වැටෙන්නට ගිය යමක්ද පසෙකට කරමිනි.
ලාටු වැනි යමක් අතේ තැවරුණු නිසාම ඇය නැවතත් හැරී එදෙසට පැමිණියේ ඒ කුමක්දැයි බැලීමටය.
උඩු මහලේ විදුලි බුබුල දැල්වූ ඇය දුටුවේ මේසය මත තබා තිබූ තරමක කේක් ගෙඩියකි.
හංස යුවලක් අයිසින් වලින් සාදා තිබූ කේක් ගෙඩියේ පහලින්
Happy Birthday Senu යනුවෙන් ලියා තිබුණි.
ඊට පසෙකින් කණ්ණාඩි මේසයේ අලවා ඇති සමනළයෙකුගේ පිටේ රඳවා තිබූ බේබි රිබන් කැබැල්ලකින් ගැටගැසූ පිහියක්ද තබා තිබෙනු සෙනුරිට දැකගැත හැකි විය.
ඔවුන්ගේ විවාහයෙන් පසු සෙනුරි සමරන පළමුවන උපන්දිනය අදයි.
ඇය නැවතත් දොර අසළ වැටී සිටි මිනිසා දෙස බැලීය.දසුන් නිවසෙන් පිට වන විට හැඳ සිටි ලා කහ පාට කමිසය තැඹිලි පැහැ වී ඇත.
"දසූ....න්"
ඇය කොතරම් හයියෙන් විලාප තැබුවද දසුන්ට එය ඇසෙන දුරක සිටියේ නැත.
෴කතාකරන අකුරු෴

Comments