සදා ලෝක පූජිත ආදරේ💖
ආදර කතා ලක්ෂයක් ගත්තොත් කීයෙන් කීයද ලෝක පූජිත ආදර කතා වෙන්නෙ? හැමෝම කතාකරන සාලිය-අශෝකමාලා, රෝමියෝ-ජුලියට්, ජැක්-රෝස්, දේව්දාස්-පාරෝ ප්‍රේම වෘතාන්ත ලෝක පූජිත වෙලා තියෙන්නෙ ඇයි?
මොකද ඒ ආදර කතා ඇතුළේ අයිතිකරගැනීමක් තිබුණේ නැති නිසා.නිකමට හරි රෝමියෝ ජුලියට් ප්‍රේම කතාව විවාහයකින් කෙළවර වුනා නම්????
ආයෙ මොනවා වෙන්නද කෙළවර වෙලානෙ.එතනින් එහාට ආදර කතාවක් නෑ😂
ඒකනේ කියන්නෙ සැබෑ ආදරය විවාහයකින් කෙළවර විය යුතු නෑ කියලා.මොකද ආදරයක් කෙළවර වෙන්න විදිහක් නෑනෙ.හැබැයි විවාහයෙන් පස්සෙ ගොඩක් අය ඒක කෙළවර කරගන්නවා.
ආදරේ කරන කාලෙ තිබුණු සීනි බෝල කතා බැන්දට පස්සෙ නෑ.ඒ කාලෙ පැය ගණන් මල් කැඩුවට දැන් කෝල් ගත්තට ආන්සර් කරන්නෙත් නෑ.දන්නවා මරාලයක් තමයි කියලා.😂
ආදර කතා නෑ. ඒ වෙනුවට අඩුවක් නැතිව පුංචි පුංචි රණ්ඩු සරුවල් තියෙනවා.හිත් රිදවීම් රිදවාගැනීම් වැඩියි.ආදරේට වඩා වැඩියෙන් පවුල් බර දැනෙන්න ගන්නවා.සතුටින් ජීවත්වෙනවාට (happily everafter) වඩා මැරෙනකන් ජීවත්වෙන්න උත්සාහ කරනවා.
ඉතින් ඒකයි සුරංගනා කතා වුනත්
#කුමාරියි_කුමාරයයි_සතුටින්_ජීවත්_වුනාලු
වෙනකන් විතරක් ගොඩනැගෙන්නෙ.මොකද එතනින් එහාට ඒ ගැන කතාකරන්න දෙයක් නෑ😂
ඒකනේ විවාහයෙන් කෙළවර වෙන සුරංගනා කතා ලෝක පූජිත නොවුනේ.
සාජහන්-මුම්ටාස් ආදර කතාව මෙතනට ගාවගන්නෙපා.මොකද ටජ් මහල් ලෝක පූජිත නිර්මාණයක් වෙන්න ඇති ඒත් ඒ ආදරේ ලෝක පූජිත කැටගරි එකට දාන්න මං කැමති නෑ. ඔය කියන තරම් ලෝක පූජිත නම් සාජහන්ට ආයෙ විවාහ නොවී ඉන්න තිබුණනෙ.
කොහොම වුනත් හදවතින් බැඳුණු මිනිස්සු ආයෙ නීතියෙන් බන්ඳන්න දෙයක් නෑ.උන් හැමදාටම බැඳිලා ඉන්නෙ එකිනෙකා වෙනුවෙන්.
ඉතින්....මටත් ඕනේ නෑ එයාව අයිතිකරගන්න. මට ඕනෙ එයාගෙ අනියම් පෙම්වතිය වෙලා හරි මුළු ලෝකෙටම හොරෙන් එයාට ආදරේ කරන්න.
#හැමදාටම❤️!
෴කතාකරන අකුරු෴

Comments