මෙව්වා රස ඒවා💖
ඔයත් ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනාවෙනවද?
නෑ නෑ මං මේ කතාකරන්නෙ අතු පිටින් මල් කඩන උන් ගැන නෙවෙයි. හරි මං මෙහෙම කියන්නම්කෝ.....
ඔයත් ප්‍රසිද්ධියේ ඕපන් කරන්න බැරි ගැලරියක හිමිකාරයෙක්ද?
තව කෙනෙක්ට ෆෝන් එක දෙන්න බයේ ෆෝන් ෆෝබියාවෙන් පෙළෙනවද?
අහම්බෙන් හරි වෙන එකෙක්ට ෆෝන් එක දෙන්න වුනොත් "ඊළඟ ෆොටෝ එක බලයිද? ඒකෙ මොනවා තියෙද දන්නෙ නෑ.නෝටිෆිකේෂන් එකක්වත් එයිද මැසෙජ් එකක?" කියලා හිතලම බ්ලඩ් ප්‍රෙශර් 160-180 වෙනකන් ඉහළ යනවා වගේ හැඟීමක් දැනෙනවද?
එහෙනම් අහන්න දෙයක් නෑ ඔයත් සුපිරිම ගෲප් චැට් එකක සාමාජිකයෙක්.
මේ ගෲප් චැට් කියන්නෙත් හරි පුදුම දෙයක්.
හැමදාම එකට පුළිය වැටෙනකන් නිදාගන්න එකෙක් වැරදිලා හරි උදෙන් නැගිට්ටොත් ඌ වැළලෙන්න හදනවා.
"ඔයාලගෙ වීරයා නැගිට්ටා ළමයි කෝ පෝළිමට ඇවිත් ගුම්මෝනින් කියන්න."
"අඩෝ නැගිටපන්.තොපි තාම නිදිද?"
"කෝ යකෝ මුන්"
කොහොමහරි උදේ 9,10 වෙනක්ම් ගුඩ්මොනින්ග් කියනවා කට්ටිය.
එතනින් නවතිනවද පිංවතුනි???? නෑ
ඒ අතරෙ එකෙක් ඉන්නවා කොයි වෙලෙත්
"මුකුත් නැත්ද බන්?" කියාගෙන එන.
තව උන් ඉන්නවා පු# ඉත්තෑවො දඟලන.උන් කතාකරන්නෙම ක්‍රිකට් ගැන.
තව එතකොට ඉන්නවා උන්ගෙ බිස්න්ස් ප්‍රමෝෂන්ස් ගැන කියලා ඇමිණෙන්න එන අය.
තව ඉන්නවා වචනයක් වැරදුනත් ඒකෙන් ආතල් ගන්න බලන් ඉන්න අය.
එතකොට හැම ලබ්බම සිරා ගන්න කුකුල් කේන්තිකාරයොත් ඒ අතරෙ ඉන්නවා.😂
ඒ වගේම කට්ටියක් ඉන්නවා කොයි වෙලෙත් ගේම නෙවෙයි මුළු ඉඩමම ඉල්ලන.
සැරටම බූට් කාපු උන් නම් චැට් එකට වැඩිය සෙට් වෙන්නෙ නෑ. ඒ උපාසක උන්දැලා අනිත්‍ය මෙනෙහි කරන්න ෆෝන් සෝෂල් මීඩියා අයින් කරා කියලා හොරෙන් හොරෙන් ඔන්ලයින් ඇවිත් බලලා යනව සොම්බි වගේ.
එහෙමත් කට්ටියක් තමයි කෑල්ලගෙන් නෙවෙයි කෑලි දහයකගෙන් බූට් කෑවත් චූන් එකේ චැට් කරගෙන ආතල් එකේ ඉන්නෙ.
ඇයි උන්ට ප්‍රශ්න නැත්ද? අපෝ නෑ තියෙනවා.අහලා නැත්ද කතාවක් තියෙනවා වැඩිපුරම ආතල් එකේ ඉන්නෙ වැඩිපුරම වේදනා විඳපු අය කියලා?
(මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි)
අපි දැන් කතාකර කර හිටියෙ ගෲප් චැට් ගැනනෙ.රටේ ලෝකේ හැමතැනම තියෙන බුකියෙ ආතල්ම පෝස්ට්ස් ටික එකට එකතුවෙන තැන තමයි ගෲප් චැට් එක.එකකින් තව එකකට ෆෝවර්ඩ් කරද්දි වැරදිලා වෙන උන්ට සෙන්ඩ් වෙන කුජීත අවස්ථා නැතුවම නෙවෙයි. ඉතින් දවසකට එක පාරක් හරි මේ චැට් එකට ගොඩ වුනේ නැතොත් ලෝකෙ අහන්න පුලුවන් සුන්දරම වචන කිහිපයක මිහිරියාව ඔබටත් විඳින්න පුලුවන්.
"කොහෙද හු$# තෝ මකබෑවුනේ?"
"තොට හෙනගහලද මැසේජ් එකක් එවන්න බැරි?"
"උඹ මැරිලද?"
ඒවා විතරක්ම නෙවෙයි.තව තියෙනවා.
නිවුස් බලන්න කියලා ටීවී එක දාගෙන ෆෝන් එක ඔබද්දි,
අම්මා ඇවිල්ලා නිවුස් වලට කිවුවෙ මොනවද කියලා අහනකොට කියාගන්න දෙයක් නැතිවෙද්දි,
පාරෙදි,කෝච්චියේදි බස් එකෙ යද්දි එද්දි තනියෙන් හිනාවෙලා වටේ පිටේ මිනිස්සුන්ට මාට්ටු වෙද්දි,
ගෙදර අම්මට මාට්ටු වෙද්දි, ඔෆිස් එකේ බොස්ට මාට්ටු වෙද්දි ක්ලාස් එකේ සර්ට මාට්ටු වෙද්දි,
අම්මා ගාවදි, කෑල්ල, අඳුරන්නෙ නැති එකෙක්,බස් එකේ, හෝල්ට් එකේ කොහ්දිහරි චාටර්ම වීඩියෝ එකක් ඕඩියෝ එකක් සද්දෙට ප්ලේ වෙද්දි,
ඒ කලබලේට සවුන්ඩ්ස් අඩුකරගන්න, වීඩියෝ එක ස්ටොප් කරගන්න බැරිවෙද්දි,
ප්‍රසිද්ධියේ චැට් එක ඕපන් කරනකොට කුජීතම පෝස්ට් එකක් ලෝඩ් වෙලා ඇස් ඉස්සරහ පෙන්න ගනිද්දි
දැනෙන හැඟීම සල්ලි වලටවත් ගන්න පුළුවන්ද?😂
මම ඇවිල්ලා මේ ගෲප් චැට් වලින් හොඳටම තෙම්පරාදු වෙච්ච එකෙක්.
මැසේජ් ප්‍රිවීව් වෙයි, නෝටිෆිකේශන් එයි කියලා බයට මියුට් කරලා තියෙන ගෲප් අනන්තයි. හිතාගන්න පුළුවන් නෙ🤣
වීඩියෝ ඕඩියො තියා ඩොකියුමන්ට් ෆයිල් එකක්වත් ඉයර්ෆෝන් නොදා ඕපන් කරන්නෙ නෑ.
චැට් එකක් තියා අපේ උන්ගෙ ස්ටේටස් එකක්වත් මන් ප්‍රසිද්ධියේ බලන්නෙ නෑ.
Media auto download - disabled😁
වැදගත්ම දේ clear chat
ඉතින් මේ සුරපුරයට ගොඩවදින්නෙ නැතුව දවසක් ගෙවාගන්න එක කරන්න අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි වැඩක්.
කෑල්ල තරහ වුනත් එපා කිවුවත්, කෑල්ලක් හිටියත් නැතත්,බැන්ඳත් සදා තනිකඩ වුනත්,මැරුනත් අපි මේ ගෲප් චැට් නවත්තනවද??? ලොවෙත් නෑ.
හරි හරි.අපි මන්ද මානසික වෙලා තමයි.
ගෲප් චැට් කියලා දුර ඉන්න යාලුවෝ ලොකු කරගෙන ළඟ ඉන්න අම්මා තාත්තා පවුලේ උන් ඈත් කරාම හරිද?
උඹලා ඇබ්බැහි වෙලා.
නේද?
"ඔව් ඇයි අවුල්ද?😂
අපිව හදන්න එන්නෙපා අපි හැදෙන උන් නෙවෙයි👆"
(උපුටාගැනීමකි🤪)
ඇත්තටම අපි මොකටද ඇබ්බැහි වෙලා තියෙන්නෙ?
ෆෝන් එකටද?🤔
සෝෂල් මීඩියා වලටද?🤔
ගෲප් චැට් වලටද?🤔
එහෙම කියන්නෙපා නේද???
ගෲප් චැටක ඉන්නවා කියන එකත් ලොකු දෙයක්.ඒ කියන්නෙ ඔයාට එක යාලුවෙක් හරි ඉන්නවා.තනියෙන් ගෲප් එකක් හදන්න බෑනෙ.
ඉතින් අපි මෙහෙම කියමු.
අපි ඇබ්බැහි වෙලා #යාලුවන්ට❤️
එහෙම හොඳයිනේ?🤪
෴කතාකරන අකුරු෴

Comments