ආදරේ තිබුණු තැන්💖
බයික් එකේ රස්තියාදු ගහන එකයි බඩ පැලෙන්න කන එකයි ඇරෙන්න උඹටයි මටයි ලව් කරන්න වෙලාවක් තිබුණද මන්දා.
අපිට හැමදාම තිබුණු ප්‍රශ්නේ කොහෙද යන්නෙ කියන එක.ඉතින් අතුරු පාරවල් වල උඹත් එක්ක පැය ගණන් රස්තියාදු ගහන එක තරම් සතුටක් මට තිබුණෙ නෑ.
ඒ ගිහින් මගදි නවත්තලා පුංචි ලෑලි කඩේකින් තැඹිලි එකක් බීලා ගන්න ආතල් එක පීසා හට් ගිහින් කොහොම ගන්නද? උගුරට දෙකට බීලා ඉවරකරන උඹ කුරුමානම් අල්ලන්නෙ මගේ බීම එකට.
ඒ අතරෙ ගහක් ගලක් දොළක් ගාව නවතින උඹට ඕනෙ ෆොටෝස් ගන්න.හැබැයි ඒ උඹෙයි මගෙයි නම් නෙවෙයි.උඹේ ෆොටෝස් වල බැක්ග්‍රවුන්ඩ් හදන්න ඕනෙ මම. වෙලිච්ච අත්තක ලස්සන මලක් රඳවන්න,වටේ පිටේ තියෙන කුණු අයින් කරන්න,සමහරවෙලාවට අයින් කරන කුණු ටිකත් පිළිවෙලට තියන්න ඕනෙ ඒකත් වටිනවා උඹේ ෆොටෝග්‍රැෆි වලට🤦
අදටත් උඹටයි මටයි කපල් ෆොටෝ කියලා ලෝකෙට පෙන්නනන් දෙයක් නෑ.එක්කො උඹ පිස්සුවෙන්.නැත්තම් මම පිස්සුවෙන්.
උඹටයි මටයි තිබුණා මෙමරි ෆුල් වුන ලස්සන අත්දැකීම් ගොඩාක්.ඒ සේරම හම්බුනේ ඒ කහකිරිල්ලි නිසා.ඔව්.ඒ උඹේ බයික් එක.
බස්වල කටු කාපු මට උඹේ බයික් එක මහමෙරක්.උඹට තරම්ම මං ඒ බයික් එකටත් ආදරේ කරා.
ඒත් බස් එකේදී උඹේ ඇගේ ගෑවි ගෑවි හුරතල් වෙන්න තිබුණ චාන්ස් එක බයික් එකේ යද්දි නැතිවුනා.
වටේ පිටේ උන්ට බයෙන් අඳුරන්නෙ නැති උන් වගේ අහක බලාගෙන යද්දි...හොරෙන් හොරෙන් ඇස් වලින් කතාකරද්දි,බස් එකේ ඉස්සරහ ඉඳන් පිටිපස්සට 4න් එකෙන් කතාකරද්දි ආදරේ දැනුනා මහා හුඟක්.
අහම්බෙන් හම්බෙලා කතාකරනවා වගේ පිටිපස්සෙන් ඇවිත් යෝධයෙක් වගේ හිටගද්දි දැනුනු ආරක්ශාවට මට දැනුනේ මහ ලෝබකමක්.
පහත් වෙවී කණ අස්සෙ වචන කොඳුරන උඹේ රැවුල් ගස් හෙමින් හෙමින් කම්මුල පැත්තට ඇදෙනවා දැන දැනත් නොදැනුනා වගේ හිටියට ලෝකෙට හොරෙන් ආදරේ කරපු කාලෙට මං කෑදරයි තාමත්.
ඒත් ඒ හැඟීම බයික් එකේ යද්දි දැනුනේ නෑ මැණික.
ඉස්සර කණ අස්සෙම කොඳුරපු උඹ අද මොනව කියනවද කියලවත් මට ඇහෙන්නෙ නෑ. හුළඟේ සද්දෙට මට ඇහෙන්නෙ වෙන කුණුහරුප.ඒත් බොරුවට ඔලුව වන වන ඔව් කියන්න මං පුරුදු වුනා.
ඉස්සර යන්තම් ඇගේ ගෑවී නොගෑවී තුරුල් වෙලා ගිය මට අද උඹේ පස්ස පැත්ත බලාගෙන යන්න වෙලා.
බයික් එකට ආදරේ කරා වුනත් මං ආදරේ කරා අපි බස් එකේ ගිය කාලෙට.
බයික් එකේ අව්වෙ යද්දි එද්දි "අනේ පිච්චෙනවා" කියලා කෑගැහුවට ඒ අකමැත්තෙන් නෙවෙයි මැණික😑
"රෝද හතරක් ගන්න වෙයි නේද?" කියලා උඹ ඇහුවට මං හිතුවේ නෑ ඒ ඇත්තටම කියලා.
ඒත්....හිතක් පපුවක් නැති ගානට උඹ අපේ බයික් එක විකුණලා දැම්මම පපුව පිච්චිලා ගියා කියලා උඹ දන්නවද?
අනේ උඹ කාර් එකක් නම් ගන්නෙපා🙏
පිටිපස්සෙන් ඉඳගෙන හරි උඹව බදාගෙන යන්න තියෙන ටිකත් මට නැති කරන්නෙපා මැණික😔
෴කතාකරන අකුරු෴

Comments