මාගෙ ආදරෙ හිමිකාරී💖
එදා ශොප් එකට යද්දී උඹ අහම්බෙන් වගේ මගේ අඟේ හැපුණා.උඹව වැටෙන්න නොදී අල්ලගත්තු මං දිහා බලලා උඹ බෙල්ල ඇල කරලා දීපු ලයින් එකට සත්තයි මට උඹව එදාම ගෙදර ගෙනියන්න හිතුනා.උඹ එතන කැපිලා පෙනුනෙ උඹේ ඒ පාට නිසා වෙන්න ඇති.
කොහොමහරි වටින් පිටින් සල්ලි ටිකක් හොයාගෙන මං උඹව ගෙදරට කැන්දගෙන ආවා.
එදා ඉඳලා උඹ මගේ හෙවනැල්ල වගේ මාත් එක්කම ආවා ගියා.දානෙ ගෙවල් වල,මළ ගෙවල් වල,කඩවල් ගානේ,හොස්පිටල් ගානේ,සැලූන් ගානේ,පෙට් රල් ෂෙඩ් වල පෝලිම් ගානෙ,යාලුවො එක්ක සෙට් වෙලා එනකන් පවා උඹ බෑ නොකිය පැය ගනන් අව්වෙ කර වෙවී වුනත් මං හින්දා කට්ට කෑවා.
මහ වරුසාවේ උඹව තනිකරලා නොතෙමී ඉන්න මං බස් හෝල්ට් අස්සට දුවද්දී උඹ ඒත් මං දිහා ආදරෙන් බලන් හිටියා මට මතකයි.මං උඹව පරිස්සම් කරාද උඹ මාව පරිස්සම් කරාද කියන්න මං දන්නෙ නෑ.
ඒත් එක දවසක් මාත් එක්ක දඟ කර කර ගිය උඹ හොඳටම තුවාල වුනා.ඒ කහවත්තෙ ඇක්සිඩන්ට් එක වෙලාවෙ.එදා හොස්පිට්ල් එකෙන් පටන්ගත්තු ගමන පොලීසියෙන් හිර කූඩුවටත් හිරෙන් උසාවියටත් යනකන් ඇදිලා ගියා.
අපා දුකක් විඳලා දවස් ගනන් රස්තියාදුවෙලයි පොලිස් පාක් එකේ කොනකට වෙලා අඬ අඬ හිටපු උඹව මං ආයේ ගෙදර එක්කගෙන ආවෙ.
අතේ තිබුණු අන්තිම සත 50ත් වියදම් කරලා, මං මගේ තුවාල පැත්තක දාලා, උඹේ තුවාල හොඳ කරගත්තේ.
ඒත් එතකොට මං නඩු හබ වලට වියදම් කරලා,වන්දි ගෙවලා,ෆිනෑන්ස් ගෙවලා, රටටම ණය වෙලා ෆුල් ලොස් වෙලා හිටියේ.
අන්තිමේදි,මගේ දුප්පත් ආදරේ ඉස්සරහා මට උඹව වෙන කෙනෙක්ට දීලා පැත්තකට වෙන්න වුනා.
මේ තරම් කාලයක් මාත් එක්ක හුරතල් වුන කෙල්ල හෙට වෙන එකෙක්ගෙ ඇඟිලි වල අත පටලවගෙන ඒ ගමන යයි.
ඉතිං හෙට ඉඳලා පරිස්සමෙන් පියාඹපන්
මගේ
කහ කිරිල්ලී💛
෴කතාකරන අකුරු෴

Comments