හදවත් දෙකක අරගලය💔
තේ එකත් රස නෑලු මගේ පුතුට දැන් දැන්
වැඩිමනක් දවසකට කන ටිකත් එළියෙන්
උයන්නැති ගෑණු වෙති ගෙට වෙවී හුරතල්
මගෙ අහිංසක කොලුවා දුක් විඳිනවා දැන්
කාමරේ අස්සෙමයි මුන් දෙන්නා කොයිවෙලෙත්
අඩි සද්ද තිය තියා යනවා මම ඒ ළඟින්
අපි එක්කලත් ටිකක් කතාකරපං ඇවිත්
බැරිම තැන මම කිවුවේ සැර කරලා බර හඬින්
එළියකට බැස්සොතින් අතේ එල්ලුණ ගමන්
වාඩිවෙන්නවත් නෑ ගෑවෙනවා ළඟ ඉඳන්
මාමණ්ඩිටත් හොඳයි මේ කෝල මල මඟුල්
මම නැගිටලා යන්නෙ ඔක්කෝටමත් රවන්
ඇත්තේම නැති වුනත් මහ ලොකුම හැඩයක්
අපේ එකා වහවැටිලා ඒක නම් පුදුමයක්
වෙනදා මට තිබුණු තැන ඒකිටම වෙන් කරන්
සැකයි මට කැව්වාවත්දෝ මේකි ඉනාවක්
අත පයක් කැඩෙන්නට නොදී මම ආදරෙන්
හැදුවෙ මම මගෙ පුතා ඇහේ මූණේ තියන්
වෙන කෙනෙක් නම් කරයි මම කරපු හරියක්
පිටින් ආ එකියක්ට කොහෙ තියන අයිතියක්???
෴කතාකරන අකුරු෴

Comments