සෙනෙහසක උරුමය🌼

 සඳේ සිසිලස මගේ ලොව වෙත 

ගලා එන සුන්දර නිමේෂෙක

අකාලයේ මීදුම් වලාවක් 

වසාගෙන මගෙ මුලු අහස් ගැබ

පුන්සඳක මිහිරක් විඳින්නට 

පෙරුම් පිරුවා දින ගණන් මම

අයිතියක් නැති පුංචි තරුවක්

 මීදුමක් පරදා දිලෙන්නද?


මීදුමම රජ කරන පුන් පෝයදාකටත්

මඟ අවහිරයි පුංචි තරුවකට ඒ පැයත්

සීතලම රැයකදිත් තනිකමම උරුමනම්

අයිති නැති අහසකින් නිවී යන්නම් හොරෙන්.


෴කතාකරන අකුරු෴




Comments

Popular posts from this blog

හදවත් දෙකක අරගලය💔