ආතල් පැය හය💖
"ඒ බන් අද නම් ඇවිල්ලා."
"මොකක්?කවුද?"
"දන්නේ නෑ.අලුත් එක්කෙනෙක් වගේ"
අතට ගත් බත් කට නැවතත් බත් මුලටම දමා ගැටගැසූ අපි කඩිමුඩියේ ඒ මේ අත දිව්වෙමු.
"අනේ නංගි අද ඩිපාට්මන්ට් එකෙන් එනවා කිවුවනේ.ඒ කෙනෙක්ද දන්නෙ නෑ."
ඒ අතර ගුරු විවේකාගාරයේ ජ් යේෂ්ට ගුරුවරුද කලබල වී ඇත.
"ගුඩ්මෝනින්ග්.ඔයාලා ______ විද්‍යාපීටෙද?"
"ඔව් මැඩම්"
"හා ගමු බලන්න එහෙනම් කාලසටහන.
ආ අද පළවෙනි කාලපරිච්ඡේද 2ම කාටවත් වැඩ නෑ නේද?"
"ඔව් මැඩම්"
"එහෙනම් එක එක්කෙනා මෙන්න මේ ටිකත් අරගෙන එන්න මං ගාවට."
පාඩම් සැළසුම් පොත් 2
දෘෂ්‍යාධාරක
ප් රත්‍යවේක්ෂණ ජ'නලය
සමපදස්ථ ඇගයීම්
කේවල ව් යාපෘති වාර්තා 2
කණ්ඩායම් ව් යාපෘති වාර්තා 2
කාර් ය මූල පර් යේෂණ යෝජනාව
"දැන් පාඩම් සැළසුම් කීයක් තියෙනවද?"
"97ක් තියෙනවා මැඩම්"
"සමපදස්ථ ඇගයීම් නම් මදි.සතියට දෙන්නෙක්ගෙ පාඩම් අධීක්ෂණය කරන්න කියලා තියෙනව නේද?මේ මාස ගානටම මෙච්චරද?"
අපි නිහඬව බලා සිටියෙමු.
උදෑසන 7.20ට ප් රාථමික උදෑසන රැස්වීමට සහභාගී වූ පසු සහන කාලච්ඡේද සඳහා යොමුවන අපට ඇතැම් දිනවලදී පාසල ඇරෙනතෙක්ම ප් රාථමික පංතියක් භාර වූ අවස් ථා අන්නතයි අප් රමාණයි.එසේ අපිට සමපදස්ථ ඇගයීම් කෙසේ වෙතත් නියමිත වේලාවට අදාළ පරිච්ඡේදයට අදාළ පංතියට යාමටද නොහැකිවන අවස්ථා ඇත.එසේ පංතියෙන් පිට විය යුත්තේ ඒ සඳහා වෙන ගුරුවරයෙක් යොමු කිරීමෙන් පසුවය.
"ප් රත්‍යාවේක්ෂණ ජ'නලයේ සටහන් කිරීම් මදි.පංතියට ගියපු වෙලාවෙ ඉඳලා පංතියෙන් එළියට එනකම් සිද්ධවුනු හැමදේම මේකෙ සටහන් වෙන්න ඕනෙ.
පංතියට ගියාම ළමයිගෙ ප් රතිචාරය පාඩමට ප්
රවේශවීමේදී ළමයින්ගෙ සහභාගීත්වය ක්
රියාකරකම්වලදී ළමයි දැක්වූ දක්ෂතා දුර්වලතා ඒවට ඔයා යෝජනා කරන පිළියම් වගේ හැමදේම ලියන්න ඕනෙ."
"ඇයි මේ 19වෙනිදා පාඩම් සැළසුම නැත්තේ?"
"එදා ටීචර් පීරියඩ් එක අරගෙන තිබුණා"
"ටීචර් නෙවෙයි කවුරු පීරියඩ් එක කරත් පාඩම් සැළසුම තියෙන්න ඕනෙ.ඔයා ක්ලාස් එකට ගියත් නොගියත් සැළසුම තියෙන්න ඕනෙ."
"මැඩම් දැන් පීරියඩ් එක."
"හරි එහෙනම් තව එක්කෙනෙක් එන්න සමපදස්ථ ඇගයීමට."
පාඩම් අධීක්ෂණයෙන් පසු ඇය මෙසේ පසුකථනය කරන්නීය.
"පාඩමට ප් රවේශ වුනු විදිහ හොඳයි.ඒත් ඔයා විනාඩි 5කට ආසන්න කාලයක් ඒකට ගත්තා.විනාඩි 3යි ප් රවේශයට ගන්න පුළුවන්. ඔයා දෙවනි පියවරේ ක්
රියාකාරකමට විනාඩි 10ක් සැළසුම් කරලා තිබුණට විනාඩි 10ක්ම දුන්නෙ නෑ.ළමයින්ට වෙලාව මදි වුනා.කාල කළමනාකරණය මදි.
ළමයි 40 දෙනාගෙන අවධානය ගන්න බැරි වුනා ඔයාට.දෙවනි පේළියේ කොනේ හිටපු ළමයා සැරින් සැරේ ජනේලෙන් එළිය බලනවා.ඒකයි කියන්නෙ බෝඩ් එක දිහා බලාගෙන බෝඩ් එකේ ලියන්නෙපා. ළමයි දිහා බලාගෙන බෝඩ් එකේ ලියන්න.
අනිත් දේ තමයි ළමයි 40 දෙනාටම අවස්ථාව දෙන්න.ඔයා දෙතුන් දෙනෙක්ගෙන් අහලා නවත්තනවා.එතකොට අනිත් ළමයි පසුගාමී වෙනවා"
(විනාඩි 40 තුළ ළමයි 40 දෙනාටම අවස්ථාව දෙන්නේ කෙසේදැයි මම තවම කල්පනා කරමි)
"දෘෂ්‍යාධාරක හොඳයි.නිර්මාණශී
ලීයි.ඒත් ඒවා පොඩි වැඩියි.ඩිමයි කොළේ මීට වඩා හොඳට ඉඩ කළමනාකරණය කරගන්න
තව දෙයක්.....තද පාට සාරි අඳින්නෙපා.ළමයින්ගෙ ඇහැ යන්නෙ සාරියට. සුදු පාටට හුරු ලා පාට සාරි අඳින්න.
හඬ පාලනය හොඳයි.පෞරුෂත්වය හොඳයි.ක්
රියාකාරකම් අතරතුර ළමයි 40 දෙනා ගැනම අවධානයෙන් හිටියා.ඒක හොඳයි.ඒ වුනාට දුර්වල ළමයි ගැන අවධානය යොමු කරේ නෑ."
"මැඩම් මං එයාලට හවසට ක්ලාස් කරනවා."
"ඒ හවසනෙ.එතකොට පංතියේදි ඒ ළමයා උඩ බලාගෙන ඉන්නවනෙ.ඒ ළමයින්ට අමතර වැඩ සැළසුම් කරගන්න ඕනෙ.ඒ විනාඩි 40දි ඒ ළමයින්ටත් අවධානය දෙන්න ඕනෙ. ගුරුවරයෙක් වුනාම ලොකු කැපකිරීමක් කරන්න ඕනෙ.ලේසි නෑ."
"ව් යාපෘති වාර්තා ටයිප් කරලා ඉවරද?"
"තාම ඉවර නෑ මැඩම්."
"එහෙම කියලා බෑ.හෙට හවසට මට ගෙනත් දෙන්න ඕනෙ ඒක.කාර් ය මූල පර් යේෂණ යෝජනාවත් ගේන්න."
"හරි මැඩම්."
ඇය පිටව ගිය පසු අපි සැනසුම් සුසුම් හෙලුවා පමණි.විෂය භාර ගුරුවරයාගෙන් පණිවිඩයකි.
"අනේ නංගි මේ 7 වසරේ මාසික පරීක්ෂණ ප් රශ්න පත්තර ටික.ඒ ටික බලලා ලකුණු දාලා හෙට ගෙනත් දෙන්න."
"හරි ටීචර්"
ඉන්පසු ගුරු විවේකාගාරය වෙත පැමිණියේ සිසුවෙකි
"ටීචර් මේක _______ ටීචර් දෙන්න කිවුවා.බලලා හෙට ගෙනත් දෙන්න කිවුවා."
ඒ ප් රාථමික අංශයේ මාසික පරීක්ෂණ පත් රයි.
ඒ අතර තවත් මරාල රැසකි.
-"නංගී හෙට මගේ ක්ලාස් එකේ ඉන්න.මේ වැඩ ටික කරවන්න
-නංගී හෙට සිංහල ඩේ එකේ අයිටමස් ප් රැක්ටිස් කරන්න එන්න
-නංගී ඔයාලා ස්ටේජ් ඩෙකරේශන්ස් ප්ලෑන් කරන්න
-නංගී ඔයාලට හවස ඉන්න පුළුවන් නේද? ඔයාලට ළමයි බලාගන්න නෑනෙ.හවස ඩ් රාමා ප් රැක්ටිස් ඉන්න.
-නංගී හෙට ෆුඩ් ස්ටෝල් එකක් තියෙනවා උදව් කරන්න ඒකට"
පාසල් කාලයෙන් පසු ඉගෙනීමට පසුගාමී දරුවන් වෙනුවෙන් අමතර පංති පවත්වා
පිටු 800ක පාඩම් සැළසුම් පොතුත් පිටු 200ක ප්රත්‍යාවේක්ෂණ ජ'නල් පොතත් පෙළපොත් ගුරු අත්පොත් සමඟ දෘෂ්‍යාධාරක සහිත කිලෝ 50ක පමණ බෑග් දෙකකුත් කරට ගෙන බෝඩිමට පිය නගන විට සවස 4.30 වී ඇත.
අප ගැන අනුකම්පාවක් දැනුනේ නම් ඒ බෝඩිමේ ඇන්ටිටම පමණි.
"බලන්න දරුවෝ වෙලාව.දැන් බත් කනවද තේ බොනවද?"
"තේම බොමු නේද ඇන්ටි"
"අනේ මේ ටීචර්ස්ලා විඳින දුකක්"
ඇඳ මත විසිකර තිබූ බෑග් මලු දෙස මා බලා සිටිමි.
විනාඩි 40කට පියවර වශයෙන් ක් රියාකරකම් සැළසුම් කළ යුතුව ඇත. එවැනි පාඩම් සැළසුම් දෙකකට අවශ් ය ඇමුණුම් හා දෘශ්‍යාධාරක සාදා නිම කළ යුතුව ඇත. ඒ අතරම ප් රශ්න පත්ර 80ක් ලකුණු කළ යුතුය.ව්යාපෘති වාර්තා 4ක් ටයිප් කොට අවසන් කළ යුතුය.කාර්ය මූල පර්යේෂණ යෝජනාව සකස් කළ යුතුය. ඉතිරි වී ඇති පැය 12 මේ සඳහා මදිය. උදෑසන 7 වන විට පාසල වෙත වාර්තා කළ යුතුව ඇත.ඒ සඳහා 6.30 වන විට බෝඩිමෙන් පිටවිය යුතුය.අදත් නින්දක් නැති හැඩකි.
පැය 6ක ආතල් රස්සාව ගැන මම මෙසේ සටහන් කරමි.
ගුරුවරුද මනුෂ්යයෝය.!
෴කතාකරන අකුරු෴

Comments