එයා💖

#එයා
_____________________________________________
__________________________
කට ඇරියොත් කොල්ලෙක් ඕනෙ කියලා කියාගත්තු ගමන් ඉන්නෙ.ඒ වුනාට අහන අහන එකට බෑලු.දැන් ඇයි මේකට අකමැති?

ඌ කෙට්ටුයිනෙ.

එහෙනම් අර ප් ‍රපෝසල් එකට කැමති වෙයන්.ඌ තඩියට ඉන්නවනෙ.

අනේ ඌ කොටයිනෙ.වංගෙඩියක් වගේ.

කොට කොහෙද යකෝ. 5'6ක් කියලා තිබුණේ.අනේ උඹ හරි උස එකානෙ.

කොල්ලෙක් වුනාම 5'8ක්වත් උස තියෙන්න ඕනෙ.නැත්තම් හීල් එකක් දාපු ගමන් ඌ කොටයි මට වඩා.

එක්කො ඇඟපත නෑ කියයි.ඇඟ තිබුණොත් උස නෑ කියයි.උස තිබුණොත් රැවුල නෑ කියයි.රැවුල තිබුණොත් සුදු වැඩියි කියයි. මොන මඟුලක්ද! උඹට ඕනේ ව්දිහෙ එකෙක් අඹන්න වෙනවා.
ඉතින් මට ඕනේ ඒ ඔක්කොම තියෙන කෙනෙක්.
එහෙම අය එක්කෙනයි ඉන්නෙ.

කෝ?

අනේ බබා වෙන්නෙ නැතුව ඉඳපන්.කොල්ලෙක් ඕනෙ කිය කිය උඹ තාමත් හොයන්නෙ එයාව.
හ්ම්ම්.....වෙන්න ඇති බං.
******************************************
ප.ලි
ජීවිතේ කොයිතරම් ඉස්සරහට ගියත් මේ හැඟීම ඉස්සරහ අපි එකම තැන පල් වෙනවා.ඒත් මතක තියාගන්න....ගහක වුනත් අලුතෙන් මල් පිපෙන්නෙ කලින් පිපුණ මල් පරවෙලා බිමට වැටුනොත් විතරයි.
ඉතින් පරන දේට පරන වෙන්න දීලා අලුත් විදිහකට හිතන්න පටන්ගන්න
෴කතාකරන අකුරු෴








Comments

Popular posts from this blog

සෙනෙහසක උරුමය🌼

හදවත් දෙකක අරගලය💔