ලොකූ (03)
(03)
ලොකූ එනවා කියපු දවසට දවස් කිහිපයක කලින් මං රට යන්න සේරම ලෑස්ති කරගත්තා.
එයාපෝට් එකේදි අම්මට තාත්තට වැඳලා චූටිව හග් කරද්දි මං දැක්කා තාරාවෙක් වගේ කකුල් තිය තිය ලොකු බඩකුත් උස්සගෙන එන ලොකූව.
මං ඉක්මනට චූටිව අතෑරලා බඩු ටිකත් අරගෙන යන්න හැරුනේ ලොකූ පොඩ්ඩී කියලා කෑගහනවා ඇහි ඇහීමයි.
ගියපු දවසෙ ඉඳලා ලොකූ වගේම චූටිත් මට එක දිගට වයිබර් කෝල්ස් ගත්තත් මට ගෙදර කිසිම කෙනෙක් එක්ක සම්බන්ධකම් තියාගන්න ඕනෙ වුනේ නෑ.
"පොඩ්ඩි......හෙට මං ඇඩ්මිට් වෙනවා.ඔයා වගේම මුරණ්ඩු පුතෙක් වුනොත් හොඳයි.මොකද ඔයාගෙත් ඔය මුරණ්ඩුකම ඇතුලෙ තියෙන්නෙ ආදරේ කියලා මං දන්නවා"
මං ආන්සර් නොකරන නිසා වෙන්න ඇති ලොකූ මැසෙජ් එකක් එවලා.
මෝඩ ගෑනියෙක්.මං තනියම හිනා වුනා.
ඒක තමයි ලොකූගෙන් ආපු අන්තිම මැසෙජ් එක.
ඒ කියන්නෙ දැන් කාලෙ හරි මං ගැන ගෙදරට කියන්න.
සති දෙක තුනක් යන්න ඇරලා මං ප්‍රොෆයිල් පික් එක අප්ඩේට් කරා.මගේ වෙඩින්ග් එක දවසෙ ගත්තු මගේ ලස්සනම පික් එක.
ඒත් එදා ලොකූ කතාකරේ නෑ.එදා තමයි මං දැක්කෙ ලොකූ කාලෙකින් ඔන්ලයින් ඇවිත් නෑ කියලා.
ඒත් එදා රෑම ආපු චූටිගෙ කෝල් එක මන් ආන්සර් කරා.
ගෙදර තත්වෙත් අහගන්න ඕනෙ නිසාම මං කතාකරේ.
"ඔයා ලස්සනයි පොඩි අක්කා."
"තැන්ක්‍යූ.අම්මට කියන්න මං මැරි කළා කියලා.දැන් මාස 2ක් විතර වෙනවා.මං ටුවර් එකක් නෙවෙයි ගියේ.මං මෙහේ සෙට්ල් වෙන්න හිතාගෙනමයි ලංකාවෙන් ආවෙ.පුළුවන් වෙලාවක එන්නම්"
"ඉක්මනට පුළුවන් නම් එන්න පොඩි අක්කා.ලොකූටත් ආයෙම ප්‍රශ්න.බබා හම්බුනා.ඒත් එයාගෙ වර්ධනය අඩුයිලු."
"අහ්....ඒ ඇයි?"
"බබා ලැබෙන්න ඉද්දි බීපු බෙහෙත් වගයක් නිසාලු."
"මොනාද බීලා තියෙන්නෙ?"
"අක්කානම් කියන්නෙ විටමින් වගයක් බිවුවේ කියලා."
"හ්ම්ම්....."
මේ වෙද්දි නම් ගෙදර යන්න හොඳටම ඕනෙකම තිබුණා.දැන් තමයි ලොකූගෙන් පළිගන්න හොඳම කාලෙ.ඒත් මං හිටියේ මගේ බඩට මාස 2ක් විතර වෙනකම්.
ගෙදර එද්දි මං බලාපොරොත්තු වුනේ ලොකූ දොර අරින්න එයි කියලා.ඒත් දොර ඇරියේ තාත්තා.මමත් එයත් දිහා මාරුවෙන් මාරුවට බලපු තාත්තා මුකුත්ම නොකිය අඩියක් පස්සට වුනා.
"කවුද?"
එහෙම අහගෙන ආවෙ අම්මා.අම්මා මං දිහාත් මගේ බඩ දිහාත් අනුරාධ අයියා දිහාත් පිළිවෙලින් බැලුවා.ඒ කරලා මං ළඟට දුවගෙන ආවා.
අම්මා ගහපු ඒ කම්මුල් පාරට මට කඳුළුත් ආවා.මූණ පුපුරන්න වගේ.වැටෙන්න ගිය මාව අල්ලගත්තෙ අනුරාධ අයියා.
"පුංචි කාලෙ ඉඳන් තමන්ගෙ හැමදේම ලෝබ නැතුව උඹට දීපු ලොක්කිට උඹ දීපු තෑග්ග නම් හරිම අපූරුයි"
අම්මා තරහෙන් පුපුරනවා.
"ආහ් ඇත්තද?පොඩි කාලෙ දුන්නනම් ඇයි දැන් බැරි? හැමදේම දෙන්න පුළුවන් නම් එයාගෙ හස්බන්ඩ්ව දෙන්න බැරිකමක් නෑනෙ?"
ඒ වෙලාවෙ නම් මට ගහන්න පැන්නෙ තාත්තා.
අම්මා තාත්තාව නැවැත්තුවේ
"අප්පොච්චි වගේම නැතැයි දුවත්" කියන ගමන්.
ඒ කියපු දේ හරියට නොතේරුණු නිසාම මං අම්මා දිහාත් තාත්තා දිහාත් චූටි දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා.චූටිත් මං වගේම හැමෝගෙම මුණු දිහා බලනවා.ඒ අතරෙයි දැක්කෙ උඩ තට්ටුවෙ ඉඳන් පහළට බැහැගෙන එන ලොකූව.
"පුංචි කාලෙ ඒකිට බොන්න තිබුණ කිරි ටික ඒකි උඹට ලෝබ නැතුව දුන්නා.කිසි දෙයක් නොතේරෙන කාලෙ වෙලත් ඒකි එහෙමයි උඹට කරේ.ලොකු කාලෙ කියලත් ඒක වෙනස් වුනේ නෑ.ඒකිට දෙයක් ගෙනාවත් චූටිට දෙයක් හම්බුනත් ඒකි උඹව අමතක කරේ නෑ."
ඇස් වලින් දෝරෙ ගලන කඳුළු පිටි අල්ලෙන් පිහිදන ගමන් අම්මා කිවුවා.
"ඔව් ඉතින් මාව නැතිකරන්න කියලා බෙහෙත් බිවුවනේ.ඒ වස ලොකූට දෙන්න බැරි නිසානෙ එයාට කිරි නොදුන්නෙ"
මෙච්චර දවසක් හිතේ හිරකරගෙන හිටපු දේ මං කියලා දැම්මා.
"පොඩ්ඩී...."
අක්කාට කවදාවත් නැතුව කේන්ති ගිහින්.මං එයාගෙ හස්බන්ඩ්ව මගේ කරගත්තු නිසා වෙන්න ඇති.
"ඔයාගෙ අම්මා එහෙම කරාද දන්නෙ නෑ.ඒත් මගේ අම්මා කවදාවත් ඔයාට එහෙම කරේ නෑ.අපිටත් වඩා එයා හෙව්වෙ බැලුවෙ ඔයා ගැන"
"මගේ අම්මා? ඒ කිවුවෙ මං අරන් හදාගෙනද?"
අනුරාධ අයියගේ අත අතෑරලා මං දිවුවෙ ලොකූ ළඟට.
"ඔයා ඉන්නෙ තත්වෙ එක්ක මේක කියන එක හරිද මංදා.ඒත් අද මේක අහලා දුක් වෙන එකට වඩා පිරිමහන්න බැරි වෛරයක් හිතේ තියාගෙන ඉන්න එක දරුවට බලපාන්න පුළුවන්"
ලොකූ මගෙ අතින් අල්ලගෙන ළඟ තිබුණු සෝෆා එකේ වාඩි වුනා.
"කියන්න.ඒක ඇත්තද? හැමෝම කිවුවා මං අරන් හදාගෙන කියලා.කියන්න.ඒක ඇත්තද?"
මං ආයෙ ආයෙත් ලොකූගෙන් ඇහුවා.
"තරිනි....."
ලොකූ පළවෙනි වතාවට මට නම කියලා කියලා කතාකරා.
"මං කැමති නෑ ඔයා මගේ නංගි නෙවෙයි කියන්න.ඒත් ඔයාගෙ අම්මා තමයි මගේ නැන්දා.අනවශ්‍ය සම්බන්දෙක ප්‍රථිපලයක් විදියට ඔයා එද්දි ඔයාගෙ තාත්තා හොයාගන්නවත් නැතුව ගිහින්.ඔයා හම්බෙන්න ඉද්දි නැන්දා නැතිවුන නිසා අම්මා ඔයාව හදාගෙන තියෙන්නෙ.
මගේ අම්මා කවදාවත් ඔයාව නැතිකරන්න හැදුවෙ නෑ පොඩ්ඩි.ඔයා නිතරම 'මං විතරක් වෙනස් ඇයි' කිය කිය අහද්දියි අම්මා මට විස්තරේ කිවුවේ.අම්මට ඕනෙ වුනේ අම්මා නැති කාලෙකත් අපි ඔයාට වෙනසක් නොකර ඔයාව බලාගන්නවා දකින්න."
"අනේ ලොකූ"
පළවෙනි වතාවට මට ලොකූ ගැන දුකක් වගේම ආදරයක් ඇති වුනා.මං ලොකූව බදාගෙන ඇඬුවා.
"ඒත්...ඇයි පොඩ්ඩි ඔයා මාව මේ තරම් අසරණ කරේ?"
ඒ අහපු දේට නම් මට උත්තර දීගන්න බැරි වුනේ හඬ පිටනොවෙන්න ඉකි ගැහෙන නිසා.
"අනුරාධ කියන්නෙ මගේ බෝයිෆ්‍රෙන්ඩ් ලොකූ.ඔයාගේ වැඩේ පිළිවෙලක් වුනාට පස්සෙ ඒ ගැන ගෙදරට කියන්න හිටියේ මං.
එයාට මනමාලියෙක් බලන්න යනවා කිවුවට මං තියා එයාවත් දැනගෙන හිටියේ නෑ ඒ එන්නෙ මෙහෙට කියලා.එයා මං ගැන ගෙදරට කිවුවත් ඒ අම්මලා මට කැමති වෙලා නෑ."
"ඔයා නිකමටවත් ඒ ගැන කිවුවනම් මං කැමති වෙන්නෙ නෑනෙ පොඩ්ඩි.එහෙනම් මං ඔයාට උදවු කරනවනෙ"
"මං දන්නවා ලොකූ.ඔයා අනිවාර්‍යෙන්ම ඒක කරයි.ඒත් මට ඕනෙ වුනා ඔයාගෙන් පළිගන්න.ඒකයි මං අනුරාධට කිවුවේ ඔයාව මැරි කරන්න කියලා.වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් ඔයා ඩිවෝස් නොවුන එක මට මහ හිසරදයක් වෙලා තිබුනේ"
"ඒ තරම් වෛරයක් තිබුණද මං ගැන?"
"නෑ.....ඊටත් වඩා වෛරයක්"
"අහ්?"
"හ්ම්ම්.....ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම මට ගොඩක් බය හිතුනා.අනුරාධව මට නැතිවෙයි කියලා.මමයි අනුරාධගෙ අතේ ඔයාට විටමින් එව්වෙ.ඒ විටමින් පෙති නෙවෙයි.මට ඕනෙ වුනේ දරුවා නැති කරන්න."
"දෙවියනේ"
ලොකූ අත් දෙකෙන්ම මූණ වහගත්තා
"ෂික් පොඩි අක්කා ඔයානම්"
චූටි නැගිටලා යන්න ගියේ මට රවලා.ඒ කියපු කතාවට නම් අනුරාධ අයියත් මං දිහා බලාගෙන හිටියේ පිළිකුලෙන් වගේ.
මට මේ තරම් ආදරේ කරපු ලොකූට මං කරපු දේවල් එකින් එක මතක් වෙද්දි මට ජීවත් වුනා ඇති වගේ දැනෙනන ගත්තා.
"මගේ ජීවිතේ හොඳම කාලේ ගෙවිලා ඉවරයි පොඩ්ඩි.මං අනුරාධට ඩිවෝස් එක දෙන්නම්.ඔයා සතුටින් ඉන්න.ඒත් මං නැති කාලෙක මගේ මේ දරුවව තනිකරන්නෙපා."
ලොකූ කිවුවේ මං නිසා මොළේ වර්ධනය අඩු වුනු පුංචි පුතා දිහා බලාගෙන.එයත් ලොකූ වගේම ලස්සනයි.
දෙවියනේ මං ලස්සන ජීවිත කීයක් විනාස කරලද? මට මං ගැනම කළකිරුණා.
"අනේ මට සමාවෙන්න ලොකූ.මට සමාවෙන්න"
හිතේ තිබුණු තරහව වෛරය පළිගැනීම අන්තිම දශමෙටම හේදිලා යනකම් මං ලොකූව බදාගෙන ඇඬුවා.
සමාප්තයි.
````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````
පසුව ලියමි
________________________________________________________________________________
ලොකූගෙ චරිතය අකුරු කළේ මගේම අක්කා මතක් කරගෙන. ඒත්...මං තවත් එක පොඩ්ඩි කෙනෙක් නම් නෙවෙයි.ආදරෙයි දිනූ💝
෴කතාකරන අකුරු෴

Comments