ලොකූ (02)
(02)
"අඬන්නෙපා පොඩ්ඩි......මං ඔයාලාව බලලා යන්න එනවනේ"
මාව බදාගෙන ලොකූ එහෙම කිවුවේ යන්න පිටත් වෙලා කාර් එකේ දොර ගාව ඉද්දි.
"අනේ මේ......තමුසෙ ආයෙ මට පේන්නවත් එන්න ඕනෙ නෑ"
එහෙම කියලා මං ගස්සලා යන්න ගියා.කවදාවත් මගේ වචන වලට හිත රිද්දගන්නෙ නැති ලොකූ එදා ඇඬුවා මං දැක්කා.
ලොකූ ගියත් හරි මුළු ගෙදරම පාළුවට ගිහින් තිබුණේ.ගෙදර අයත් වැඩි කතාබහක් නෑ.හැමෝම ගොඩක් දුකින් හිටියේ.එහෙම දකිද්දි මට තවත් කේන්තියි.
"පොඩ්ඩී....."
අම්මා එක සැරේටම පුදුම සතුටකින් කතාකරේ.මං කාමරෙන් එළියට දුවගෙන ආවෙ මොනවා වෙලාද කියලා බලන්න.
"ඇයි?"
"ලොකූ කතාකරනවා"
"ආ....ඇයි ඉස්සර එයා ගොලුද? බහ තෝරන කාලෙ ඉඳලා හොඳට කතාකරන්න ඇතිනේ.මොකද අද මේ නිකන්? මල විකාර"
මං එහෙම කියලා ආයෙම යන්න හැරුනා.
හැමෝටම ලොකූ තමයි ඕනෙ.මං ගෙදරින් ගියාට නම් ඔහොම දැනෙන එකක් නෑ එයාලට.එදා රෑ මං නිදාගත්තේ මේ හැමෝවම දාලා තනියෙන් ජීවත්වෙන්න පුළුවන් විදිහක් ගැන හිත හිත.
සති ගනන් ගෙවිලා යද්දි අම්මලා මොනාහරි දෙයක් ගැන මට හොරා කතාකරන බව මට දැනෙන්න ගත්තේ වතුර බොන්න කුස්සියට යද්දි.
කෑම මේසෙ තාත්තා එක්ක වාඩිවෙලා කතාකරකර හිටපු අම්මා මං ආපු ගමන් කතාව නවත්තලා තේ හදන්න පටන්ගත්තා.
මටත් මඟුලක් සෙට් කරන්නද දන්නෙ නෑ කියලා නොහිතුනාම නෙවෙයි.ඒත් හරියටම විස්තරේ දැනගත්තෙ පුංචිලා අපේ ගෙදර ආපු දවසෙ.චූටිත් ගෙදර නැති නිසා කට්ටියට තේ හ්දන්න ගිය මට පුංචිව කතාවට සෙට් වුනේ අහම්බෙන්.
"දැන් මොකද දරුවෝ ලොකූගෙ ප්‍රශ්නේ?"
"කොයි ප්‍රශ්නෙද?"
නොදන්නවා කියලා අඟවන්න බැරි නිසාම මං එහෙම ඇහුවේ ලොකූගෙ ප්‍රශ්නෙ මොකක්ද කියලා දැනගන්න එක මට වැදගත් නිසා.
"ඔව් ඉතින් ඒ කෙල්ලටත් කීයක් ප්‍රශ්නද? මං ඇහුවේ අර අනුරාධ තව ගෑනියෙක් තියාගෙන නටන නාඩගම ගැන"
හහ්...! හොඳ වැඩේ.උඹ විඳවන්න ඕන ලොකූ.
මගේ හිත කිවුවේ එච්චරයි.
මට ඉස්සරහින් තියෙන ජනේලේ වීදුරුවෙන් පේන මගේම රූපෙ එක්ක මං හිනා වුනා.
අම්මලා මට හොරෙන් කතාකරන්නෙ මේක ගැන වෙන්න ඇති.රටේම උන්ට කියනවා.ගෙදර එකාට කියන්න බෑ.ඔය හැමෝටම තරු පේන්න ගනියි දවසක.ඔහොම යන්කෝ.
හැමෝම මාව කොන් කරනවා.මට දැනුනේ එහෙම.
ඒත් මං කා එක්කවත් ඒ ගැන කතාකරන්නවත් ඒ ගැන දන්න බව අඟවන්නවත් ගියේ නෑ.
ඔය අතරේ දවසක මට කණිෂ්කාව හම්බුනේ ෆාමසි එකට යද්දියි.
"අඩෝ තරියා....මොකො මෙහේ?උඹත් ප්‍රෙග්නන්ට්ද?"
"ඇයි තව කවුද ප්‍රෙග්නන්ට්?"
"උඹලගේ අක්කව දැක්කා බස් එකේදි.පව් බන් ගෙදර වාහනයක් තියාගෙනත් අර බඩ උස්සගෙන බස් වල තෙරපෙනවා"
"කාට හරි දීපු ගින්දරකට තමා විඳනවා ඇත්තේ"
මට එහෙම කියවුනේ ලොකූ ගැන මතක් කරද්දි හිතට එන අසීමාන්තික වෛරය නිසාම වෙන්න ඇති.
"උඹ තාමත් අක්කා එක්ක තරහෙන්ද බන් ඉන්නෙ?"
කියන්න දාහක් දේවල් කටට ආවත් ආයාසයෙන් මැඩගෙන කට ඇද කරලා නිකන් හිටියා.
"අනුරාධ අයියගෙ ප්‍රශ්නෙ මොකද බන්?"
"මොන ප්‍රශ්නෙද?"
"හංගන්න දෙයක් නෑ බන්.එයාට වෙන ගෑනියෙක් ඉන්නවා කියලා හැමෝම දන්නවලු.ඒ ඔෆිස් එකේ ඉන්න මගේ යාලුවෙක් මතත් කිවුවේ"
"අනේ මන්දා බන් ඒවානම්"
හයියෙන් හිනාවෙන්න ඕනෙ වුනත් මේ ඒකට වෙලාව නොවෙන නිසා මං ඒ කතාව මගහැරියා.
"හරි හරි උඹ මොකො මේ ෆාමසි ගානෙ රින්ගන්නෙ?"
කනිෂ්කා ඇහුවේ ඇහැකුත් ගහලා.
"විටමින් වගයක් ගන්න බන්"
එදා දවසෙ මට අමුතු සතුටක් හිතට දැනුනා.
කනිෂ්කා ලොකූ ගැන කියපු දේවල් මතක් කර කර මං හිනාවුනා.
"පොඩි අක්කා......"
එක සැරේටම දොර රෙද්ද මෑත් කරන් කාමරේට එබෙන ගමන් චූටි කෑගැහුවා.
"බීරි නෑ"
මං ගනන් නොගෙනම කිවුවා.
"දන්නවා.මේ...ලොකූගෙ කබඩ් එකේ දාලා තියෙන ඔයාගෙ ඇඳුම් ටිකයි මෙකප් බඩු ටිකයි ගන්නකො.රූම් එක අස් කරන්න ඕනෙ"
"අම්මෝ....ඔයාලගෙ ලොකූගෙ කබඩ් එකනෙ නේද? අනේ සොරි.ඉන්න ගන්නම්."
මං එහෙම කියාගෙන ඇඳෙන් බැහැලා ගියේ දොර ගාව හිටපු චූටිවත් තල්ලු කරගෙන.
"නෑ අයියෝ....ලොකූ එනවා මෙහෙ නවතින්න.අනුරාධ අයියාට ට්‍රේනින්ග් එකකට රට යන්න වෙලා.දැන් බබා ලැබෙන්නත් ළඟයිනෙ"
චූටි කිවුවේ මගේ පස්සෙන් ලොකූගෙ කාමරේට එන ගමන්.
මහා ලොකු බරක් වගේම බයක් මගේ හිතට දැනෙන්න ගත්තා.
"හෙටද?"
"නෑ.ලබන මාසෙලු අයියා යන්නෙ"
"යකෝ ලබන මාසෙනම් දැන්ම අස් කරන්නෙ මොන මඟුලටද?"
චූටි හිනාවුනා විතරයි.මටත් ඒකට උත්තර ඕනෙ වුනේ නෑ.මේ ගෙදර අයට ලොකූ ඒ තරම්ම වටින බව මං නොදන්නව නෙවෙයි.
ඒත් ලොකූගෙ මූණ බල බල මේ ගෙදර ඉන්න බෑ.මමත් තීරණය කරා රට යන්න.
෴කතාකරන අකුරු෴

Comments