සඳනාරී (03)
මනීෂාට මධුරව මීට් වෙන්න බොරුවක් කියලා අපි කොලේජ් එකෙන් පැන්නා.වළස් තඩියා වගේම කසුන් අයියත් ඇවිත් හිටියා.කාලෙකින් අපි සෙට් උනේ.
"මාලුපාන් දැන් ලස්සන වෙලානෙ"
කසුන් අයියා එහෙම කියද්දි මට බැලුනෙ මධුර අයියා දිහා.මට එයාගෙ ප් රතිචාරෙ බලන්න ඕනෙ වුනා.ඒත් එයා ෆෝන් එකේ එල්ලීගෙනම උත්තර දුන්නා මිසක් මං දිහා බැලුවෙවත් නෑ.
"කොල්ලෙක් සෙට් වෙලා ඇති"
"අයියෝ...මං හැදුවෙ සඳනිගෙන්වත් ගොඩ යන්න.එහෙනම් ඒකත් හරියන්නෙ නෑ"
කසුන් අයියගේ කතාව මගහැරුනෙ මනීෂා මැදට පැන්න නිසා.
"අයියා සෝන්ග් එකක් කරන්න ඉන්නෙ.ඒකෙ ෆීමේල් වොයිස් එකට ඔයාට එන්න බැරිද?මං මියුසික් වීඩියෝ එකටත් ඉන්නවනෙ"
මගේ ලිරික්ස් ටික මටම දීලා මනීෂා එහෙම කියද්දි මට කරකියාගන්න දෙයක් නැති වුනා.
"ඇයි ඒ?අපි සඳනිටත් සෝන්ග් එකක් ලියලා දෙමු."
මධුර අයියා එහෙම කිවුවේ මං සින්ග් කරන එකට අකමැත්තෙන් කියලා මට තේරුන නිසාම මං ඒක මඟහැරියා.
මධුර අයියාගෙ අලුත්ම සෝන්ග් එක රිලීස් වුනේ මනීෂාගෙ බර්ත්ඩේ එක දවසෙ.එදත් දතේ අමාරුවක් කියලා කොලේජ් එකෙන් එළියට පැනගත්තේ.
මගේම සින්දුවට රිප්ලයි සෝන්ග් එකක් හදලා ඒ දෙකෙන්ම ලස්සන ඩුවට් එකක් කරලා තිබුණා.ඒක තමයි ඒ සෝන්ග් එක රිලීස් වෙන්න මෙච්චර කල් ගියේ.මං ඒකෙ සින්ග් කරනවට මධුර අයියා අකමැති වුනේ.
කේක් එක කපලා ඉවර වුනාම මධුර අයියා මනීෂාට ප් රසන්ට් එකක් දුන්නා.බැලූ බැල්මට නම් ෆොටෝ එකක් වගේ.ඒත් ඒක දිග ඇරියම දැක්ක දේට මගේ ඇස් නිලංකාර වෙලා වටේම කළුවර වෙනවා වගේ දැනුනා.මං එහෙමම එතන පුටුවට බරදීලා හේත්තු වුනා.
දෙවියනේ ඒ මගේ ඩයරි එක.මෙච්චර දවසක් මනීෂා ළඟ තිබුණ මගේ ඩයරි එක.මේ ටිකේම නිසඳැස් මැසේජ් එකකින් ටයිප්කරලා යවන්න පුරුදු වෙලා හිටි නිසාම මට ඩයරි එක ගැන ගානක් තිබුනෙ නෑ.
මනීෂාත් මමත් මූණට මූණ බලාගත්තා.
"සඳනාරි පේජ් එක කරන්නෙ ඔයා කියලා ආරන්චි වුනාට මට විශ්වාස කරන්න බැරි වුනා.ඒත් අර ලියපු කතාවෙ අපි පස් දෙනා විතරක් දන්න සමහර දේවලුත් කියලා තිබුණු නිසා මං ඔයා ගැන හොයන්න ගත්තා.එහෙම දවසක තමයි ඔයා මගෙන් ඉල්ලගත්තු ෆොටෝ එකක් සඳනාරී පේජ් එකට දාලා තිබුනේ.ඊටත් පස්සෙ තමයි ඔයාගෙ යාලුවෙක්ගෙ මාර්ගෙන් ඔයාගෙ කබඩ් එකෙන් මං මේ ඩයරි එක හොයාගත්තෙ.
මෙච්චර දවසක් මේක මගෙන් හැංගුවෙ ඇයි?මෙහෙම හැංගිලා මේ වැඩේ කරේ ඇයි කියන එකට උත්තර මං පුළුවන් තරම් ඉක්මනට බලාපොරොත්තු වෙනවා ඔයාගෙන්"
මගේ දිහාට හැරුණ මනීෂාගෙ මූණ එයාගෙ පැත්තට හරවගන්න ගමන් මධුර අයියා කිවුවා.
"මං ඔයාගෙ ඉන්ටර්න්ෂිප් එක ඉවරවෙනකම් බලාගෙන ඉන්නවා.පොරොන්දු වුනා වගේම හැම මීඩියා එකකටම නිවුස් එක දීලා සඳනාරි මගේම කරගන්න."
එහෙම කියපු එයා සාක්කුවෙන් එළියට ගත්තේ පුංචි බොක්ස් එකක්.ඒකෙ තිබුණේ රින්ග් එකක්.ඒකෙ M අකුරක් තිබුණේ.මධුර මනීෂාට ප් රපොස් කරා. මනීෂාට වගේම මටත් ඇඬුනා.
මට ලැබෙන්න ඕන ආදරේ.මට ලැබෙන්න ඕන තැන.මගේම ඉස්සරහ වෙන කෙනෙක් ඒ දේවල් භුක්ති විඳිද්දි මං කොහොම දරාගන්නද?
එදා හවස කොලේජ් ඇවිත් මමත් මනීෂාත් හොඳටම ඇඬුවා.මනීෂාට ඕනෙ වුනා මධුර අයියට ඇත්ත කියන්න.ඒත් මමයි ඒක නැවැත්තුවේ.
"මං ආයේ මුල ඉඳන් යනවට වඩා ලේසියි උඹ යන්න පටන්ගත්තු ගමන ඔහොමම යන එක.ආයේ මේ දේවල් මුල ඉඳලා හරිගස්සන එක ලේසි නෑ මාෂි.ඕක අතෑරලා දාපන්.කොහොමත් මම මධුර අයියට කැමති නෑ"
මං කොහොමද මගේ සතුට වෙනුවෙන් මගේ ප් රාණසම මිත්රයට දුකක් දෙන්නෙ?
"ඒත් මචං සින්දු ලියලා ඉල්ලුවොත් මොකද කරන්නෙ?"
"බයවෙන්නෙපා.මං දිගටම ලියන්නම්.උඹට එවන්නම්"
ඒ විදිහට මගේ තව සින්දු 03ක්ම මධුර රිලීස් කරා.
"ඒ බං බූට් කාපුවාම ලියන්නෙපා.මධුර අහනව ඇයි කියලා.ලව් සෝන්ග්ස් දෙක තුනක් ලියපන්කෝ"
මගේ හැඟීම අකුරු කරලා සතුටක් ලබපු මට ඒ සතුට ලබන්නවත් පින නැති වුනා.මධුරගෙ හිත සතුටු කරන්න මට මගේ දුක අමතක කරන්න වුනා.
අපොයින්ට්මන්ට් හම්බුනත් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න මට ඕනෙ උනෙ නැත්තේ මට ඒ සෙට් එකෙන් ඈත් වෙන්න ඕනෙ වුන නිසාමයි.ගෲප් එකට එන්න කිය කිය මනීෂා නිතරම කිවුවත් මට එහෙම ඕනකමක් තිබුණේ නෑ.
ඉඳලා හිටලා හරි කතාකරේ මනීෂායි කසුන් අයියයි විතරමයි.
මධුර අයියගෙන් නිකමටවත් මැසේජ් එකක් ආවෙ නෑ.
එයා ජොබ් එකෙන් අයින් වෙලා.මං හිතුවා වගේම එයා දැන් ප් රොෆෙෂනල් සින්ගර් කෙනෙක්. කසුන් අයියා ඩිග් රි කම්ප්ලීට් කරලා මාස්ටර්ස් වලට නිව්සීලන්ඩ් යන්න ඉන්නෙ.
ලබන අවුරුද්දෙ ජුනි 24 මනීෂාගෙයි මධුර අයියගෙයි වෙඩින්ග් එක.මීට අවුරුදු 5කට කලින් ඒ වගේ දවසක තමයි සඳනාරිගෙ මුල්ම සෝන්ග් එක එයා සින්ග් කරේ.ඒක මතක් වෙන්නයි එයාලා එදාටම වෙඩින්ග් එක ගන්න ප්ලෑන් කරගෙන ඉන්නෙ.
එයාලගෙ වෙඩින්ග් එකට නොයා ඉන්න විදියක් ගැනයි මං හිත හිත හිටියෙ.මගේ අයිතිය වෙන කෙනෙක් උදුරගන්න හැටි මගේම ඇස් දෙකෙන් බලාගෙන ඉන්නෙ කොහොමද?
ඒ අතරෙයි අපේ ගෙදරට ප් රපෝසල් එකක් ආවෙ.ඒ වෙන කාගෙන්වත් නෙවෙයි කසුන් අයියගෙන්.
"සඳූ.....මං දෙයක් අහන්න ඇත්තම කියනවද?"
"මොකක්ද?"
"අර ඩයරි එක ඔයාගෙ නේද?"
"ඇයි එහෙම අහන්නෙ?"
"ඒකෙ තිබුණෙ ඔයාගෙ අකුරු"
"ඔයා කොහොමද දන්නෙ?"
"මං ඔයා ගැන මොනාද නොදන්නෙ?රෝස මලක් දීලා පිළිගත්තු දවසෙ ඉඳලා ඔයා ගැන හොයන්නෙ.මගේ උවමනාවටයි කැන්ටිමේදි ඔයාව අල්ලගෙන රැග් කරේ.නැතුව මධුරට ඕනෙ නිසා නෙවෙයි."
මේ මොනවද මේ මට ඇහෙන්නෙ? මනීෂා කියනවා වගේ මූ බත් අමුවෙන් කාලාද කොහෙද!
එක අතකට මට ආදරේ නැති කෙනෙක් පස්සෙ දුවනවට වඩා ඒ අතීතෙන් මිදිලා මට ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන එකයි කරන්න ඕනෙ කියලා හිතුනු නිසාම මං කසුන් අයියට කැමති වුනා.
එයා එක්කම ඒ යුනවර්සිටි එකේම ඩිග් රි ඇප්ලයි කරේ මනීෂාගෙ වෙඩින්ග් එකට කලින් රට යන්න හිතාගෙන.
රට යන්න කලින් එන්ගේජ්මන්ට් එක ගන්න අම්මලාට ඕනෙ වුන නිසාම අපි ඒක පරක්කු කරේ නෑ.
ඩිග්‍රි එකේ වැඩේට වගේම අවුරුදු දෙකකට ස්ටඩි ලීව් ගන්න මාස 6ක් විතර ගියා.කොහොමහරි මනීෂලාගෙ වෙඩින්ග් එකට මාසෙකට විතර කලින් අපිට රට යන්න පුළුවන් වුනා.
"උඹ මාත් එක්ක තරහ නෑනේද?"
එයාපෝට් එකේදි මනීෂා ඇහුවේ අඬ අඬ.
"මොකටද බන්? උඹ මාත් එක්ක තරහ වෙන්නෙපා"
"ඒ ඇයි?"
"මට උඹලගෙ වෙඩින්ග් එකට එන්න වෙන්නෙ නෑනෙ"
"අනේ ඒකට කමක් නෑ බන්.උඹලා දෙන්නා සතුටින් ඉඳපන්.උඹ නිසානෙ මට මධුරව ලැබුනෙ.ඒ ටිකම ඇති මට"
මනීෂාටත් මධුරටත් විෂ් කරලා අපි යන්න හැරුනා.
"සඳූ"
කසුන් අයියා මොකක් හරි සීරියස් දෙයක් කියන්න යන්නෙ.මට මේ ආදරෙත් නැතිවෙයිද?මගේ ගලනාලයේ ඉඳලා ආමාශෙට යනකන්ම පිච්චිලා යනවා වගේ දැනුනේ.
"ම්ම්ම්??"
කතාකරගන්න වචන පිට නොවෙන නිසාම මං ඕනවට එපාවට උත්තර දුන්නා.
"ඔයා ඒවා ලිවුවෙ කාටද?"
"මගේ හිතේ ඇඳුනු රූපයක් තිබුනා.එයාට ලිවුවේ"
මධුර අයියා ගැන කියලා මං අමාරුවෙන් හරිගස්සපු දේවල් ආයේම කණපිට හරවගන්න මට ඕනෙ උනේ නෑ.
"ඉතිං එයාවද දැන් හම්බුනේ"
"එයාවනම් නෙවෙයි.හැබැයි එයාට වඩා ගොඩාක් හොඳ කෙනෙක්"
එයා මගේ නළලට පුංචි හාදුවක් දුන්නා.ඉතිං මමත් අද ආදරේ විදිනවා.මට ඒ ආදරේට වරදක් කරන්න බෑ.අදින් පස්සෙ මගේ ජීවිතේ මධුරට ඉඩක් නෑ.මධුර වෙනුවෙන් ආයෙ මගේ හැඟීම් අකුරු වෙන එකක් නෑ.මං මනීෂාට සින්දු ලියලා යවන එක නතර කරා.
මනීෂා ගැන මට දුකයි.පළිගන්න අදහසක් නෑ.ඒත් මධුර වුනත් කවදමහරි ඇත්ත දැනගන්න ඕනෙ.මං හිතුවෙ එහෙම.
🎵කොවුලෙක් මොටද මට මිහිරී ගී ගයනා
උල ලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා
රුවලක් මොටද සුළඟක් එනතුරු සිටිනා
හබලක් වෙයන් ඔරුවක් වෙරළට ගේනා
නටුවක් මොටද මට ලා සුළඟට වැනෙනා
කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා🎶
කසුන් වෙනුවෙන් පළවෙනි හැඟීම මං අකුරු කරා.ඒක දැකපු එයා මගේ ඔලුව අතගාලා හිනාවුනේ අසරණ කෙනෙක් දිහා බලනවා වගේ.සමහරවිට එයාට දුක හිතෙන්න ඇති.
"අපිත් මියුසික් වීඩියෝ එකක් කරමු"
කසුන් අයියා කිව්වෙ මාව ඒ පපුවට තද කරගන්න ගමන්.
"එපා.මං සින්ගර්ස්ලට ආස නෑ"
"ඒකත් එහෙමද?"
"හ්ම්ම්.....මං කැමති සර් කෙනෙක්ට"
ඒ උනුසුමේ මූණ හංගන ගමන් මන් ඇහෙන නෑහෙන ගානට කිවුවා.
සමාප්තයි.
෴කතාකරන අකුරු෴

Comments