සඳනාරී (02)

🎵හුස්මේ සැමදා රැඳුනා-
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතු සේ තෙමුනා
කිඳුරාවී මනසේ ඇඳුනා
නෙතු යාවී බැඳීලා සදා
හීන ගානේ රැයේහි පවා
සඳසේයා වතේහි මවා
පිනි සීතේ දැනේවි කතා🎶

ජීවිතේ හැමදේම වෙනස්වෙන්න ගත්තේ මේ සෝන්ග් එකෙන්.

අවුරුද්දක් විතරම හැංගිලා තිබුණු මගේ කවි සිතුවිලිත් ආයෙම මෝරන්න ගත්තා.
කොලේජ් ආවාට පස්සේ කොල්ලෙක් ගැන දැනුන පළවෙනිම හැඟීම මං අකුරු කළා කාටත් හොරෙන්ම.

නුඹට හැකිනම් මේ සොඳුරු පැය
මදක් නවතන්න
හීන අතරින් තවත් මෙහොතක්
තුරුලේම ඉන්න
නුඹට හැකිනම් සුලං රැල්ලක
වෙලී දැවටෙන්න
නුඹේ සුවඳට ලයේ හැඟුමන්
ඉතින් පුබුදන්න
නුඹට හැකිනම් රෝස කැකුලක
පිනි පොදක් වෙන්න
රේණු විහිදා සුවය දෙන්නම්
හාදු තවරන්න
නුඹට හැකිනම් මගේ පෙම් ලොව
කිරුල පලදන්න
නුඹේ සෙනෙහස රකින්නම් මම
ජීවිතය මෙන්ම

එදායින් පස්සේ අපි හැමදාම පුරුද්දක් විදියට හවස P.T වලින් පස්සෙ පැය භාගයක් කැන්ටිමට වෙලා සින්දු කියන්න පුරුදුවෙලා හිටියා.එයාලගේ මියුසික් බෑන්ඩ් එකට අලුතෙන් ආපු ෆීමේල් වොයිස් එක මම වෙද්දි අලුත්ම ෆීමෙල් ගිටාරිස්ට් මනීෂා වුනා.

සතියක් විතර ගෙවිලා යද්දි සෝෂල් මීඩියා වල මධුරගෙ සෝන්ග් එක ෂෙයා වෙන්න ගත්තා.එදා කොන්සර්ට් එකේදි මාත් එක්ක කරපු කවර් එක එයා යූ ටියුබ් දාලා.ඒකට ගොඩක් ප් ‍රතිචාර ලැබෙද්දි මට ඕනෙ වුනා මගේ අතින්ම ලියපු සින්දුවක් මධුර සින්ග් කරනවා අහන්න.

ඉරිදා දවසේ හැමෝම වගේ නිදි වෙලාවක් අල්ලලා මං මනීෂාට කතාකරා.

"යකෝ පට්ට නිසඳසක්නේ.දීපන්කො ඕක.පෝස්ට් එකක් හදලා එෆ් බී දාමු."

"අනේ එපා!"

"යකෝ උඹ සුපිරි ඩයල් එකක්නෙ.පොතක් ගහමුකො බන්"

මනීෂා කිවුවේ එදා ඉඳලම මගේ නිසඳැස් කවි ලියන ඩයරිය ආපස්සට පෙරළන ගමන්.

"කොහෙ තියෙන සල්ලියක්ද බන් ඕවට?අනික මට ප් ‍රසිද්ධ වෙන්න ඕනෙ නෑ"

"එහෙනම් යකෝ මේක කඩල කාරයෙක්ට විකුණපන්.අඩුම තරමේ ඌ ඕකෙන් කඩල ගොටු ටිකක්වත් ඔතාගනියි නෙ"

"මේ....උඹ මේ ගැන කාටවත් කියන්නෙපා හරිද?"

"යකෝ.....එහෙනම් අපි මේක මධුර අයියලාටවත් දෙමු බන් සෝන්ග් එකක් කරන්න"
මනීෂා මට ඕනෙ පොයින්ට් එකටම ආවා.

"බෑ බන්.මන් කැමති නෑ මං ලියනවා කියලා කවුරුවත් දැනගන්නවට"

"එහෙනම් මං ලිවුවා වගේ දෙන්නද කියන්නෙ?"

"උඹ ඕනෙ දෙයක් කරපන්.හැබැයි මගේ නම කිසිම තැනක ගෑවෙන්න දෙන්නෙපා.ප්ලීස්.උඹ මට ඒ උදව්ව විතරක් කරපන්.කිසිම හේතුවකට කාටවත් දැනගන්න දෙන්නෙපා මේවා ලිවුවෙ මං කියලා."

ඊළඟ දවසෙ ලෙක්චර් යද්දි මනීෂා කියපු කතාවට මට ඇස් අදහගන්න බැරි වුනා.එෆ් බී හිටපු නැති මට ඒක හරි හැටි නොතෙරුනත් ඌ කිවුවේ ඌ හදපු පේජ් එකක් නිසා මගේ නිසඳැස් හැමතැනම ෂෙයා වෙනවා කියලා.
හැම නිසඳැසක්ම ලියවිලා තිබුණේ #සඳනාරී නමින්.

"සඳනාරී???"

"ඔව් ඉතින් උඹ නම දාන්න එපා කියනවනෙ.සඳනි කියලා දාන්න බැරි නිසා පේජ් එකට නම දැම්මා සඳනාරී කියලා."

"අනේ මන්දා.හැබැයි උඹ මාව මාට්ටු කරොත් නම් එදාට උඹෙයි මගෙයි යාලුකම් ඉවරයි පුතේ"

එදා තමයි දවස.හරියටම ජුනි 24.සීනියර්ස්ලගෙ කළා උළෙල.එදාට මධුර අයිය කරන සෝලෝ සින්ගින්ග් එක ගැන ඒ වෙද්දි කොලේජ් එක පුරාම කතාවක් පැතිරිලා තිබුනේ. එයා එයාගෙම සොන්ග් එකක් එදාට රිලීස් කරනවා කියලා කියලා තිබුණා.

"මේ සින්දුව සඳනාරිට උපහාරයක්ම වෙන්න කියලා ප්රාර්ථනා කරනවා"

එහෙම කියලා මධුර ගිටාර් එක ප්ලේ කරන්න පටන්ගද්දි මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා.

එයා ඒ සින්ග් කරේ මන් එයාට ලියපු නිසඳස. ඒක ලස්සන තනුවකට දාලා.වචන ටිකක් එහෙමෙහෙ කරලා හදලා තිබුණට ඒ මගේ වචන ටිකමයි. මං එක සැරේටම බැලුවෙ මනීෂා දිහා.

ඌ ලස්සනට හිනාවෙනවා.මං ඌට රැව්වා පිච්චිලා අලුවෙලා යන්නම.එදා දවසෙ හැමෝම කතා වුනේ මධුර ගැන.මධුර ගැනම නෙවෙයි එයා කියපු සඳනාරි ගැන.

"උඹ මොනාද මනීෂා කරන්නෙ? දැන් කට්ටිය දැනගනත්තම මං කියල මොකද කරන්නෙ?"

"අනෙ යකෝ..දැන් කවුද දන්නෙ සඳනාරී උඹ කියලා?මං ඒ පේජ් එකෙන් මධුරට සෝන්ග් එක යැව්වා.එච්චරයි"

"ඉතිං දැන් ඌ මැසේජ් කරයිනෙ බං? ඌ හොයාගනියිනෙ"

"මං ඌව මැසෙන්ජර් බ්ලොක් කරා.එෆ් බී එකේ පේජස් ෆේක් අකවුන්ට්ස් කීයක් තියෙද බං? ඌ කොහෙ හොයන්නද?"

"උඹ කියන දෙයක් තමයි."

මධුර ඒ සෝන්ග් එකත් පබ්ලිෂ් කරලා තිබුණා. එතන lyrics by සඳනාරී කියලා තිබුණේ.
එදාත් හවස අපි කැන්ටිමට සෙට් වුනේ සින්දුවක් කියලා ෆන් එකක් ගන්න.ඒත් මට මධුරට මූණ දෙන්න බැරි හැඟීමක් තිබුනේ.

"මට මියුසික් වීඩියෝ එකක් කරන්න චාන්ස් එකක් ආවනේ බන්"

මධුර එහෙම කියද්දි එයාට වඩා සතුටු හිතුනේ මට.

"ෂා....පට්ටනෙ.අනේ ඒකෙ කෙල්ලට මාව ගන්නකෝ අප්පා."

මනීෂා කිවුවෙ මට ඇහැකුත් ගහලා.

"ඔව් ඉතින් උඹලා දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ගන්නෙ.නැතුව නිළියො ගන්න සල්ලි නෑ"

"දැන් කවද්ද කොළඹ යන්නෙ?නිවාඩු ගන්න වෙයිනෙ"

"වැකේෂන් එක අල්ලලා කරන්න හිතාගෙන ඉන්නෙ බන්.එන්න පුළුවන් නේද උඹලා දෙන්නට?කොළඹනේ.
ඒකටත් වඩා මට සඳනාරී පේජ් එක කරන කෙල්ලව හොයාගන්න ඕනෙ"

"කෙල්ලව??"
මට එක සැරේටම කියවුනා.

"ඔව් බන්.ඒකි කෙල්ලෙක්.මට හොඳටම ෂුවර් ඒක.අහුවුනදෙන්කෝ ඕකි.හැංගි හොරා වැඩ මට අල්ලන්නෙ නෑ"

එදා දවසම මං කරේ කල්පනා කරන එක.

"ඇයි බන්?උඹට අප්සට් ද මං මියුසික් වීඩියෝ එකේ ඇක්ට් කරන්න ඕනෙ කියපු එකට?ඒ බන් සිරා මං ජෝක් එකට කිවුවේ. උඹයි යන්න ඕනෙ ඒකට.හරිද?"

"පිස්සුද බන්? අපේ අප්පච්චි මාව පෙති ගහයි ඕවගේ රඟපාන්න ගිහිල්ලා.මට බය මධුර අයියා මාව හොයාගනියි කියලා බන්.එකටම ඉඳගෙන හැංගුවා කියලා එයාට කේන්ති යයි"

"තොට බත් අමුවෙන් කැවුනද?එහෙම හොයන්න බැහැ ගෑණියෙ.තොට දැන් කීපාරක් කිවුවද? මේ වගේ රට හරකෙක්ට තණකොළ මිටියක් කන්න නොදී මාලුපාන් කවන එකේ වැරැද්ද මේ"

මනීෂා මට බැන බැනම ගියේ නිදාගන්න.සතියක් විතර යනකන්ම ආයෙ කවුරුවත් ඒ ගැන කතාකරේ නෑ..ඒත් බාතෲම් පෝළිමේ ඉද්දි ඩෝම් එකේ එක්කෙනා දෙන්නා මගේම සින්දුව බාතෲම් ඇතුළේ මුමුණවා ඇහෙනකොට බාතෲම් එකෙන් එළියෙම ඇඳුම් ගලවලා නාන්න තරම් සතුටක් ආවා.

මාසයක් ගෙවෙනවා දැනුනෙවත් නෑ.
ඒ තමයි අපේ පළවෙනි වැකේෂන් එක.
හරියටම සති තුනකින් වගේ මධුර අයියගේ මියුසික් වීඩියෝ එක රිලීස් වුනා.
මනීෂා හරිම ලස්සනයි.එයා කොහොමත් සුදු ලස්සන කෙල්ලෙක්.සින්දුවේ පද වැල් වලට ගැළපෙනම මූණ තිබුණෙ මනීෂාට.මධුර අයියට ඇත්තටම එයාව ගැළපෙනවා වගේ හැඟීමක් මට දැනුනා.

එදාමයි මධුර අයියා එයාගෙ දෙවනි සෝන්ග් එකත් සෝෂල් මීඩියා වලට දාලා තිබුණෙ.විශ්වාස කරන්නෙ කොහොමද ඒ තිබුණෙ මගේ වචනමයි.
සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බැරි නිසාම ගත්තා මනීෂාට කෝල් එකක්.

"කෑගහන්න එපා මධුර අයියා ඉන්නවා මෙතන.උඹව අහුවෙන්නෙ නෑ හරකෝ බය නැතුව හිටපන්"

හෙලෝ කියන්නත් කලින් මනීෂා කිවුවෙ ඒ ටික.

"උඹ මොකක්ද බන් මේ නටන්න හදන නාඩගම?"

"තොට පේන නාඩගමම තමයි නටන්නෙ.දැන් තියපන් මං පස්සෙ ගන්නම්.ආ මතක් කරලා ලබන සඳුදා හිත අද්දර ප් ‍රෝග් ‍රම් එක බලපන්.මධුර අයියා එනවා."

එයා දැන් ඒ තරම් ප් ‍රසිද්ධයි එහෙනම්.කියාගන්න බැරි අමුතු සතුටක් දැනුනා.මගේ ඩයරි එක දැකපු දවසෙ මනීෂා මගෙන් අහපු දෙයක් මට මතක් වුනා.

"උඹ මේක ලිවුවේ මධුරටද කසුන්ටද?නැත්තම් අර වළස් තඩියටද?"

"මං සර්ලට කැමති නෑ බං"

"එහෙනම් උඹ හොයන්නෙ රටක ජනාධිපති කෙනෙක්ද?"

"නෑ සින්ගර් කෙනෙක්.එතකොට මට පුළුවන් නෙ එයාට ලිරික්ස් ටික හදලා දෙන්න."

"අනේ සෝයි.තෝ හීන බල බල ඉඳපන්.හරකා"

"හරකා හරකා කියන්නෙපා හරිද?"

"අම්මටහුඩු....අනේ සොරි බන් ඒකත් පැටලුනානෙ.හරකා නෙවෙයි වැස්සි. වැස්සි"

ඇත්තටම දැන් මධුර ප් ‍රසිද්ධයි.කවදහරි අපි කසාද බැන්දම මං ලියන සින්දු එයා සින්ග් කරයි.මං එහෙම දවල් හීන දකින්න ගත්තේ හිත අද්දර ප් ‍රෝග් ‍රම් එකට ඇවිත් මධුර කියපු කතාව නිසා.

"ඔබ ගැඹුරු හඬක් තියෙන කඩවසම් තරුණයෙක්.ප් ‍රේක්ෂකයෝ දැනගන්න කැමති ඇති ඔබට මේ ලස්සන වචන ටික තෑගි කරපු ඒ සඳනාරි ගැන?"

නිවේදිකාව එහෙම අහද්දි මධුර හිනාවුනා විතරයි.

"ඒ ගැන පස්සෙ කියන්නම් නේද?"

"ඇයි බයයිද මේ ලැබෙන ප් ‍රතිචාර අඩුවෙයි කියලා?"

"අපෝ නෑ.ඇත්තටම මාත් හොයනවා අනන් ‍යතාව හෙළි නොකරන මේ සඳනාරී කවුද කියලා.මට ලිරික්ස් එවලා තිබුනේ එෆ් බී එකෙන්.එයා හොයාගත්ත දවසට අනිවාර්‍යෙන්ම හැම මීඩියා එකකට නිවුස් එක දීලා එයාව මගේම කරගන්නවා"

ඒ වචන ටික තමයි මාව ධෛර්‍යමත් කරේ.මනීෂාගෙ අදහස වුනෙත් දිගටම ලියන්න කියන එක.

ඒ විදියට මගේ සින්දු 3ක්ම මධුර මියුසික් වීඩියෝ කළා.ඒ හැම එකකම ඇක්ට් කළේ මනීෂා.මනීෂාට ටෙලිනාට් ‍යකටත් ආරාධනා ලැබිලා තිබුණා.ඒත් මනීෂා ඒක භාරගත්තේ නෑ.මධුරට ෆිල්ම් එකක සින්ග් කරන්න චාන්ස් එක ලැබුණා.මනීෂා ඒකෙ සුළු චරිතයකට රංගනයෙන් දායක වුනේ මධුරත් හිටපු නිසා.උන් දෙන්නම දැන් ජනප් ‍රියයි.ඒ සේරම පිටිපස්සෙ ඉන්නෙ මං උනත් මම තාම හාල් කෑල්ලක්.ඒත් මට ඒ ගැන දුක හිතුනෙ නෑ.උන් දෙන්නා පාර හදාගත්තෙ මං නිසා කියලා හිතෙන හැම වෙලාවකම පුංචි සතුටක් දැනුනා.

මධුර අයියලා කොලේජ් එකෙන් අවුට් වෙන කාලෙ ලං වෙද්දි මට දැනුනෙ අපි අවුට් වෙලා යනවා තරම් දුකක්. එදා මං මගේ හැඟීම අකුරු කළා කතාවක් විදියට.කොලේජ් එකේ අපේ ලස්සන මතක වගේම මධුර අයියලා අපි විතරක් දන්න ලස්සන මතකත් ඒ අතරට එකතු කළා.

මධුර අයියගෙ ජනප් ‍රියත්වයත් එක්ක සඳනාරී පේජ් එකේ රීච් ගොඩක්ම වැඩි වෙලයි තිබුණේ.මනීෂා මගේ කොලේජ් එකේ කතාව ඒ පේජ් එකේ පළ කරපු එකෙන් වුනේ පේජ් එක කරන්නෙ කොලේජ් එකේ කෙනෙක් කියන එක හැමෝටම මාට්ටු වුන එකයි.
සඳනාරී පේජ් එක මනීෂා කරගෙන යන්නෙ කියන එක අපේ ඩෝම් එකේ අයගෙන් තවදුරටත් හංගන්න බැරිවුනා.

"අනේ බන් මුන් හිතන්නෙ මේවා මං ලියනවා කියලා.මටයි ක් ‍රෙඩිට් එක එන්නෙ.මං කියනවා මේවා උඹේ වැඩ කියලා"

"මට ජනප් ‍රිය වෙන්නෙ ඕනෙ නෑ බන්.මෙහෙම ලියන එකෙන් මං මාර සතුටක් ලබනවා.ඒ ඇති මට.උඹ මේ ගැන කාටවත් කියන්නෙපා.ප්ලීස්"

ඊටපස්සෙ මං කාලයක්ම සින්දු ලිවුවේ නෑ.සින්දු ලිව්වත් මං ඒවා මනීෂාට දුන්නෙ නෑ.මධුර අයියලාගෙ ෆයිනල් එක්සෑම් එකත් ඒකට හේතුවක් වුනා.
ඒත් අන්තිම එක්සෑම් දවසෙ එයා මෙහෙන් යන එක ගැන දුකටම ලියපු විරහ ගීය මං මනීෂාට දුන්නා.

මුලින්ම ආදරේ දැනුන දවස වගේම මුලින්ම හිතට විරහ වේදනාව දැනුන දවසත් මතක් වෙන්න ඕනෙ නිසාම මට ඒක මධුරට දෙන්න ඕන වුනා.

හරියටම අප් ‍රේල් පළවෙනිදා මගේ ජීව්තේ විරහව තැන්පත් වෙන්න පටන්ගත්තා.එදා තමයි මධුර මගේ 4වෙනි සින්දුවටත් මියුසික් වීඩියෝ එකක් රිලීස් කරේ..ඒත් එදාම මධුර මනීෂාගෙන් කැමැත්ත අහලා තිබුණා.එයා හිතුවෙම අප් ‍රේල් පළවෙනිදා නිසා මධුර බොරු කරනවා කියලා.

ඒත් ඒක බොරුවක් නෙවෙයි කියලා තේරුනේ දෙවනි සැරේටත් මධුර හිත අද්දර ප් ‍රෝග් ‍රම් එකට ඇවිත් කියපු කතාවට.

"අදවත් අපිට දැනගන්න පුළුවන්ද ඔයාගෙ සඳනාරී කවුද කියලා?"

"මගේ සඳනාරී මනීෂා කාවින්දි.එයා මියුසික් ටීචර් කෙනෙක් වෙන්න ඉගෙන්ගන්නවා.ලිරික්ස් ලිවුවෙ කවුද ඇයි ඒවා හොරාට ලිවුවෙ කියන එක ලියපු කෙනාගෙ කටින්ම සවිස්තරාත්මකව මේ ප් ‍රෝග් ‍රම් එකෙදිම කියන්න වැඩ කටයුතු සලස්වන්නම්කෝ."

මගෙන් ජීවිතේ හදාගෙන මගේ ජීවිතේ නැතිකරලා දාන්න තරම් මගේ ආදරේ කුරිරු වෙලා.මං ගොඩාක් ඇඬුවා.මට මේ දේවල් කියන්න කෙනෙක් හිටියේ නෑ.මනීෂාට කියන්නත් බෑ.

"සඳා.....මට ඇත්ත කියපන්.උඹ මේ නිසඳැස් ලිවුවේ කාටද?"

"එහෙම කාටවත් කියලා හිතලා ලිවුවෙ නෑ බන්.ඇයි?"

"මට හිතෙනවා උඹ මේක ලිවුවේ මේ කොලේජ් එකේ එකෙක්ට කියලා"

"පිස්සුද බන්? මං සර්ලාට කැමති නෑනෙ"

"ඒත් උඹ සින්ගර්ස්ලාට අකමැති නෑනේ"


"මොනාද කියවන්නෙ? මං මධුරට කැමති නෑ.උඹ බයවෙන්නෙපා.කැමතිවෙයන්.ඌ සිරා ලව් නෙ.නැත්තම් ප් ‍රසිද්ධියේ අරම කියයිද?"

"මාත් කැමතියි බන්.ඒත් හා කියන්න කලින් මට උඹෙන් දැනගන්න ඕනෙ වුනා.මොකද මට වඩා මධුරට ගැළපෙන්නෙ උඹ නිසා"

වෙස්සන්තර වෙලා මගේ ආදරේ පූජ කරන්න වුනා.මධුර දැන් ජනප් ‍රියයි.එයාගෙ ක්ලාස් එකට හරියන්නෙ මනීෂා වගේම ප් ‍රසිද්ධ කෙනෙක් මිසක් මං වගේ ගොඩේ කෙල්ලෙක් නෙවෙයි.කවදාහරි තැනකට එක්කගෙන ගිහින් මාව පෙන්නලා වයිෆ් කියන්නෙ කොහොමද?

ඒත් මේකප් කරාම මාත් ලස්සනට ඉඳියි.කන්නාඩියෙන් මූණ අත ගගා මං හිතුවෙ දැන් මෙහෙම හිටියා ඇති කියලා.මාත් වෙනස් වෙන්න ඕනෙ.
අම්මා වියදමට දීපු සල්ලි එකතු කරලා මාත් නයිට් ක්
‍රීම් එකක් ලිප් ලයිනර් එකක් ෆේස් පවුඩර් එකක් ගත්තා.

මනීෂාට වැරැද්දක් කරන්න ඕනකමක් තුන් හිතකවත් නොතිබුණත් මාව ප් ‍රතික්ෂේප කරපු එක ගැන මධුරට පොඩි හරි පසුතැවීමක් ඇතිකරන්න මට ඕනෙ වුනා.

මගේ ඊළඟ සින්දුව මධුරගෙ අතට පත්වුනේ අවුරුද්දකට විතර පස්සෙ.එතකොට එයාලගේ ඉන්ටර්න්ෂිප් ඉවරවෙලයි තිබුණේ.මනීෂා ඒක එයාට දීලා තිබුණත් එයා ඒකට මියුසික් වීඩියෝ එකක් කරේ නෑ.

සමහරවිට මනීෂා කියලා ඇති මේ මං කියලා.මං කොහොමද මනීෂාට කියන්නෙ එයා ආදරේ කරන කෙනාට බොරු කරන්න කියලා?

"මධුර අයියා එයාම ලියපු සෝන්ග් එකක වැඩ මේ දවස්වල."

මං අප්සට් එකේ කියලා හිතලා වෙන්න ඇති මනීෂා එහෙම කිවුවේ.

"උඹ කිවුවද මං ගැන?"

"මං මේ ආවේ දැන්වත් ඒ ගැන කියන්නද කියලා අහන්න?"

"අනේ එපා බන්.මං ආයේ සින්දු නොලියා ඉන්නම්කො.එතකොට උඹට ප් ‍රශ්නෙකුත් නෑනේ"

"එහෙම දෙයම් නෙවෙයි හරකෝ.තෝ කවදා වෙනකන් හැංගිලා ඉන්නද? අනිත් එක ඇයි ඔහොම හැංගිලා ඉන්නෙ?"

"මං කොහොමත් ඕවට ලැජ්ජයි බන්.උඹ වගේ ප් ‍රසිද්ධ උනොත් මට නම් ඒ ප් ‍රතිචාර වලට මූණ දෙන්න බැරි වෙයි.මට අමුතුයි ඒක.ඊටවඩා ලැජ්ජයි."

මට මේ ඇත්ත මධුරට කියන්න ඕනෙ වුනේ අපේ වෙඩ්න්ග් එක දවසෙ.ඒත් දැන් මගේ ජීවිතේට එහෙම දවසක් ඕනෙ නෑ.මධුර මේ ගැන දැනගන්න ඕනෙ නෑ.

#මතු_සම්බන්ධයි










෴කතාකරන අකුරු෴

Comments

Popular posts from this blog

සෙනෙහසක උරුමය🌼

හදවත් දෙකක අරගලය💔