සඳනාරී (01)
"අපෝ බන්"
"මොකද යකෝ"
"බලපන් ඇස් දෙක ඇරලා"
"හුටා....මොකද කරන්නෙ? මේ ගුඩ් ඊව්නින්ග්ද බන්?"
මං මනීෂාගෙන් ඇහුවේ කැන්ටිමේ වාඩිවෙලා ඉන්න සීනියර් අයියලා ටික දැකලා. හැරිලා යන්නත් බෑ.වැඩේ චොර වෙනවා එහෙම වුනොත්.
"ඔය රෙද්ද්වල් කියන්න ඕනෙ නෑ හිනාවෙලා යමන්"
මනීෂාගෙ අණ පරිදි මමත් පනාව දාගෙන ආවා.
ඩෝම් එකේ උන්ටත් එක්ක මාලුපාන් 10ක් අරගෙන අනිත් පැත්තට එන්න හැරුණා විතරයි....
"ඒ මැඩම්"
ඔව් ඒ නම් අපිටම තමයි.හැරෙනවද නැත්ද හැරෙනවද නැත්ද කියලා හිත හිත ඉද්දිමයි මනීෂා කෑගැහුවෙ
"මෙහෙ හැරියන් යකෝ"
මන් පස්මහ බැලුම් බලද්දි ඌ දීලානෙ ඉතිං.දෙන්න ගිහින් තමයි මූ ඇදගෙන නාන්නෙ කොයිවෙලෙත්.
"මැඩම්ලා මොකද මේ කැන්ටිමේ කරන්නෙ?"
මධුර..ඔව් ඒ එයා තමයි. පිළිගැනීමේ උත්සවේ දුවලා පැනලා වැඩ කරේ මූ තමයි.ඊයෙ රෝස මල් දීලා පිළිගත්තෙ අද මරාගෙන කන්න හදනවා.
කැන්ටිමට එන්නෙ කන්න දෙයක් ගන්න මිසක් ඇට බෝල ගහන්නයැ.
"කන්න දෙයක් ගන්න ආවෙ අයියෙ."
මනීෂා සද්දයක් නැති නිසාම මං ඉස්සර වුනා.
"ඔව් ඉතින් නැතුව කැන්ටිමට එන්නෙ ඇට බෝල ගහන්නද?"
අඩේ ඌ කොහොමද මට හිතුනු දේම කිවුවේ?මං ඒ කට දිහාම බලාගෙන හිටියේ ඇත්තටම ඌ එහෙම කිවුවද නැත්තම් මට එහෙම ඇහුනවත්ද කියලා නිශ්චිත නැති නිසාමයි.
"මොකද? හිටගෙන හීන බලනවද?"
යකෝ හිටගෙන හරි වාඩිවෙලා හරි කමක් නෑ හීනයක් පේනවනම් බලන එකනෙ.ආයෙ ඉරියව්ව වැදගත් නෑනෙ.
"මොනාද ගත්තේ?"
"මාලුපාන් අයියේ"
"මාලුපාන් අයියා? මූ උඹේ මාලුපාන් අයියා වුනේ කොහොමද?"
පැත්තක හිටපු වලස් තඩියෙක් තරම් විතර කලු කොල්ලෙක් එහෙම කියලා මේසෙට ගහ ගහ හිනාවෙන්න ගත්තා.
"ආ එහෙමද මාලුපාන් නන්ගි. ඔය මාලුපාන් එකක මාලු කෑලි කියක් විතර තියෙද???"
"එක කෑල්ලක්වත් නෑ"
"එහෙනම් මොන ලබ්බටද ඕයි ඕකට මාලුපාන් කියන්නෙ? අලපාන් කියන්නෙ නැතුව.
මේ තඩි මල්ලෙ කීයක් තියෙද?"
"10ක්"
"බුදු අම්මෝ යකෝ මුන් බලහන්කෝ.....ඇඟේ හැටියටද කන්නෙ"
"කන ඒවා කොහෙටද බන් නන්ගි යන්නෙ?"
"ලැට් එකටලු බන්"
එතන හිටපු උන් හැමෝම අපිව බයිට් එකට අරගෙන හිනාවෙන්න ගත්තා.මට මාර අපහසුතාවක් දැනුනේ.මං මනීෂාගෙ අත තද කරලා අල්ලගත්තා.
"මොකක්ද කෝස් එක?"
"වෙස්ටර්න් මියුසික්"
"යකෝ තොපි සුද්දට කඩේ යන්නද මේ නුවරට කඩාගෙන පාත්වුනේ? කොහෙද ගෙවල්?"
"කොළඹ"
"ආහ්....කොළඹ 07 පොස් ළමිස්සියෝ දෙන්නෙක්"
හැමෝම හිතන්නේ කොළඹ කිවුවාම පොශ් ගාල්ලෙ කිවුවම ඩොටේ කියලා.ඒත් ඩොටේ කියන ගාල්ලෙත් ඉන්නවා කොළඹ පොශ් කියන අපිට වඩා කාලා ඇඳලා ඉන්න මිනිස්සු.ඇස් වලට කඳුළු උනන්න ගත්තෙ අම්මා අප්පච්චි මතක් වෙලා.එයාලා කෑවද දන්නෙත් නෑ.
"මියුසික් ටීචර්ස්ලනේ වෙන්න යන්නෙ.කියමු බලන්න සිංදුවක්.ඉන්ග්රීසි
බයිල නම් අපිට තේරෙන්නෙ නෑ.සිංහල සින්දුවක් කියනවා.කසුනා දීපන් ඔය ගිටාර් එක"
ඇස් අස්සෙ තදකරගෙන හිටපු කඳුලු බිංදුවක් එක සැරේටම බිමට වැටුනා.බිමට වැටුනා නම් එකක්.ඒත් වුනේ මධුර අයියගේ කකුළට වැටුන එක.දැන් ඉතින් හරි.කොළඹනේ පොස් නෙ සීනි බෝලනෙ කියයී.මං බයටයි ලැජ්ජාවටයි ඇස් තද කරලා පියාගත්තා.ඒත් කාගෙවත් කිසිම සද්දයක් නැති නිසා ඇස් ඇරලා බලද්දියි දැක්කෙ මධුර අයියා පහත් වෙලා බිමට බර වුනු මගේ මූණට එබීගෙන ඉන්නවා.
"යකෝ සින්දුවක් කියපන් කිවුවත් අඬනවනෙ"
"නංගි මේ...හුරතල් වෙන්න නම් ලෑස්තිවෙන්නෙපා."
අර වලස් තඩියා ආයෙම කෑගැහනවා.
මධුර අයියා ගිටාර් එක අරගෙන ප්ලේ කරන්න ගත්තා.
🎵එබිකම් කරාලා ඔබ රහසින් මා දිහා
ඉඟියෙන් කියූ පෙම් කතා
රැකගන්නවා මා මේ දෑස මෙන් සෑමදා
මගේ ජීවිතේ ඇති තුරා......🎶
එයාට තිබුණේ හරිම ගැඹුරු හඬක්.අහන් ඉන්න ආසයි.
මධුර අයියා ඇස් දෙක උස්සලා ඒ කිවුවේ මට ඉතුරු ටික කියන්න කියලා.මෙතනින් යන්නත් ඕනෙ නිසාම මාත් කියලා දැම්මා.
🎶පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැති
ඒ නිසා මේ භවේ අපිව හමුවෙන්නැති🎵
ආයෙමත් ඉපදුනා වාගෙ හිත කියනවා
ඔය දෑත ලැබුවොත් මෙමා
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා.......ඕ ඕ....🎶
ඇති යන්තම්.එයා මියුසික් නැවැත්තුවා.
"දැන් කවුද ඔයාට සින්ග් කරන්න කිවුවේ?"
ආයෙත් අර වලස් තඩියා.
ලාවට වගේ ලැජ්ජාවක් නහර පුරාම දුවන්න ගත්තා.ඇත්තටම කවුරුවත් මට ඒක සින්ග් කරන්න කිවුවේ නෑනේ.හතර විලිලැජ්ජාවයි.
මං එහෙමම බැලුවේ මධුර අයියා දිහා.එයා මට ඇස් වලින් කිවුවා කියන්න කියලා.ඒකනෙ මං කිවුවේ.ඒත් මගේ අසරණ කමට ඌත් හිනාවුනා.
"හරි ඒක කමක් නෑ කියමුකෝ. මෙච්චර කොල්ලො ඉඳිද්දි ඇයි බන් මෙයා ඒක මධුර දිහා බලාගෙනම කිවුවේ?"
මධුරට ගිටාර් එක දීපු පොර එහෙම කියද්දි නම් මාව කරකවලා අතෑරියා වගේ වුනා. මෙහෙම හතර විලි ලැජ්ජාවක් ජීවිතේට වෙලා නෑ. මිස්ටර් බීන් වගේ හැසිරුනාට හිතට එන්නෙම හිට්ලර්ගෙ වගේ අයිඩියාස්මයි.හරි බන් අයියේ ඊළඟ සැරේ තොගේ දිහා බලාගෙන සින්ග් කරන්නම් කියලා කියන්නම ඕනෙ වුනත් බයටම කට වහගෙන හිටියා.
කොහොමහරි මධුරව මට කසාද බන්දන්න කලින් එතනින් එන්න පුලුවන් වුන එක ගැන මං දෙවියන්ට දහස් වාරයක් ස්තූතිවන්ත වුනා.
"තොපි මෙච්චර වෙලා මාලුපාන් හැදුවද යකෝ"
ඩෝම් එකේ කපුටො ටික අපිව මරාගෙන කන්න හදනවා.
"තේ බොන්න යකෝ මාලු පාන් ගේන්න කිවුවේ.නැතුව රෑට කන්න නෙවෙයි. 5ට ගියේ.දැන් බලපන් 6.30යි.තව පැයභායක් ඉඳලා රෑට ඩයිනින්ග් එකෙන්ම කන්න තිබුනා."
නෝක්කාඩු මැද සිද්දවුන හැමදේම රස කර කර කියද්දි ඩෝම් එක ඇතුළෙදිත් මධුර මගේ වෙන්න කොක්ක වුනා.
කට්ටියගෙම තොරතුරු අනුව දැනගන්න ලැබුනෙ මධුර කියන්නෙ මේ විද්යාපීඨයේ හෙන VIP පොරක්.සිංහලෙන් කියනවනම් ඌ ඉන්නෙ නිකම් පීඨාධිපති වගේ.කොලේජ් එකේ හැම උත්සවයකම ප් රධාන සංවිධායක එයා.එහෙම පොරක් එක්කනේ ද මන් කරට කරට සින්ග් කරේ කියල හිතද්දි පොඩි ආඩම්බරේකුත් හිතට ආවා.
ඒත් දකින දකින තැන මාලුපාන් කිය කිය සින්දු කියන්න කියලා චාටර් කරන මධුරව මට ටික දවසකින් වහ කදුරු වෙන්න ගත්තා.
ඇත්තටම මධුරගෙ වොයිස් එක මාර ලස්සනයි.එයා කොලේජ් එන්න කලින් ආසාවට හොටෙල් එකක සින්ග් කරන්න ගිහින් තියෙනවා.මියුසික් බෑන්ඩ් එකක් හදලා මියුසික් වීඩියෝ එකක් කරන්න තමයි එයා ආසාවෙන් ඉන්නෙ.
ඉඳලා ඉඳලා ආයෙම දවසක් කැන්ටිම ගාවදි උන්ට අහුවෙන්න ගිහින් අනූනවයෙන් බේරුනේ.ඈත තියාම දැක්ක නිසා හෙමින් මාරු වෙලා ආවා.ඒත් හොස්ටල් එකට අඩිය තියන්න හම්බුනේ නෑ පුණීයා දුවගෙන ආවෙ සර් මියුසික් කරන දෙන්නෙක්ට ඔෆිස් එකට එන්න කියලා කියන්න. කැන්ටිම පාස් කරගෙන ඔෆිස් එකට යද්දි අපි ආයෙම උන්ට අහුවුනා.
"ඒ මැඩම් මාලුපාන්"
හරිනෙ ඉතින්.මධුරගෙ මධුර වොයිස් එක..
"සර් බලන්න යනව වගේ.මෙන්න මෙහෙ එනවා.අපියි කතාකරේ."
වැරැද්දක් කරලා අහුවුන පොඩි උන් දෙන්නෙක් වගේ අපි කැන්ටිමට ගොඩ වුනා.අදත් හරි ඉතින්.
"මොකද මගට ඇවිත් හැරිලා ගියේ?"
"සල්ලි ගේන්න අමතක වුනා අයියේ"
මේ මනීෂාටත් හරියට බොරුවක් කියාගන්න බෑනේ.
"හම්මට යකෝ.....උඹ අඳින්න ඕවා ඔක්කොම මතක් කරලා ඇඳගෙන ආවාද? අතගාලා බලපන් ඇඳලද කියලා. නැත්තම් ගිහින් ඇඳගෙන වරෙන්"
ඒ කියද්දි නම් මටත් බය හිතුනා මුන් ඒකත් චෙක් කරලා ඇඳපු නැති ඒවා ලිස්ට් එකක් ගනියිද කියල. ඒ වගෙ පොරවල් නෙ.
"හරි.මිලියනයක් වටිනා මේ ප් රශ්නෙට උත්තර දුන්නොත් යන්න පුලුවන්.කියනවා බලන්න වම්බොටු වලින් තියෙන ප් රයෝජන 05ක්"
එපාර අර වලස් තඩියා කෑගහනවා.ඌව මට පේන්නෙම ලෑන්ඩ් මාස්ටර් එකක තඩි ටයර් එකක් වගේ.රටේ ලෝකෙ මෙච්චර ප්
රශ්න තියෙද්දි ඌට තියෙන්නෙ වම්බොට්ටක ප් රශ්නේ.කුනුහරුප දාහක් කටට ගලාගෙන ආවාත් ඒවා හිනාවකින්වත් පිට වෙන්න නොදී වළක්වගත්තෙ පට්ට අමාරුවෙන්.
මනීෂා ඉස්සර වෙන පාටකුත් නෑ.ඉතිං මන් තනියෙන්ම ගේමට බැස්සා.
"තෙල් දාලා හදන්න පුළුවන්,මිරිසට හදන්න පුළුවන්,මෝජු හදන්න පුළුවන්...."
"ඇති ඇති....අනිත් මැඩම් කියමු බලන්න."
"හොදි හදන්න පුළුවන්"
ඌ ඒ කියපු විදියටනම් මටත් හිනා ගියා.උන් දෙන්නා දෙන්නා සෙට් වෙලා 5ක් දානවා.එපාර මේසේට ගහ ගහ පටන්ගත්තා කියන්න
"රෑට කමු අපි වම්බොටු වම්බොටු වම්බොටු හොදි හදලා"🎷
"ඊළඟ සැරේ ගෙදර ගිහින් එද්දි වම්බොටු හොදි එක්ක බත් එකක් ගෙනෙන් නන්ගී"
ඒ කිවුවේ කසුන් අයියා.
"ඒ මාලුපාන් පිටු 40 නෝට් බුක් එකක් අරගෙන අදම ලියන්න පටන්ගන්නවා වම්බටු වල ප් රයෝජන හරිද?තව සතියකින් මං බලනවා"
හම්මෝ.....එදත් ඒ විදියට ගෙවිලා ඉවර වුනා.ඊට පස්සෙ මට නම් කැන්ටිම තහනම් කලාපයක් වුනා.මං සතියක් විතරම ඒ පැත්තේ නොගිහින් හිටියා.
ඔරියන්ටේෂන් ඉවරවෙලා කොන්සර්ට් එකේ වැඩ කරන්න වුනේ ආයෙම මධුර අයියලා එක්ක.
ඒ කොන්සර්ට් එක අපිත් සීනියර්ස්ලත් අතර දුරස් බව නැති කරලා දැම්මා.දවස් දෙකෙන් අපි දැක්ක තැන සැලූට් කරලා යන තරමට ෆිට් උනා.
කොන්සර්ට් එකේ අයිටම්ස් සිලෙක්ට් කරද්දි පළවෙනි වතාවට මධුර අයියා මට නම කියලා කතාකරා.
"සඳනි....මාත් එකක් රීමේක් එකක් කරමු"
අම්මෝ ඒ කියපු විදියට නහර සේරම ඇකිළිලා ඇඟ පුරාම විදුලියක් දුවනවා වගේ උනා.පුදුම නිවිච්ච කමක් ඒ හඬේ තිබුනේ.ඇත්තටම දැන් මගේ හිත ටික ටික නොසන්සුන් වෙනවා වගේ දැනුනා.එයා ඒ තෝරගත්තු සින්දුව මටම කියපු එකක් වගේ දැනෙන්න ගත්තා.ඒ තරම් හැඟුම්බරයි ඒ කටහඬ.සින්දුව කියන අතරෙදි ඒ හැඟීමෙන්ම මං දිහා බලපු වෙලාවල් වලදි ඒ බැල්ම දරාගන්න බැරි නිසාම මං බිම බලාගත්තු අවස්ථා අනන්තයි.කොන්සර්ට් එකේදි ඒ කරපු පෆෝමන්ස් එකෙන් පස්සේ සත්තයි මගේ හිතේ එයා හොල්මන් කරන්න ගත්තා.
තනි සුදු කිට් එකට එයා ලස්සනට පෙනුනා.මගේ කහ පාට දිග ගවුම ඒ කලර් එකට ලස්සනට මැච් වෙලා වගේ මට පෙනුනේ.ගිටාර් එකත් ප්ලේ කර කර සැරින් සැරේ මගේ දිහාම බලාගෙන සින්ග් කරද්දි මට දැනුනේ එයා ඒ වචන මටම කියනවා වගේ.
හුස්මේ සැමදා රැඳුනා-
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතු සේ තෙමුනා
කිඳුරාවී මනසේ ඇඳුනා
නෙතු යාවී බැඳීලා සදා
හීන ගානේ රැයේහි පවා
සඳසේයා වතේහි මවා
පිනි සීතේ දැනේවි කතා
සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා
රෑක මදනළ ගවසා
හැඟුම් රන්චුවීලා රැයේ පින්න පීරා
මීන ඇසිපිය සළලා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරි
සදා මාගෙ වීලා
නෙතු යාවී බැඳීලා සදා
හීන ගානේ රැයේහි පවා
සඳසේයා වතේහි මවා
පිනි සීතේ දැනේවි කතා
රැඳී ඉන්න මා හා සුපෙම් බැල්ම පාලා
සේද රතදර මුමුණා
රැයේ නින්දෙ පායා මවා දුන්නු සේයා
දෑත සසරෙම අමුණා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරි
සදා මාගෙ වීලා
නෙතු යාවී බැඳීලා සදා
හීන ගානේ රැයේහි පවා
සඳසේයා වතේහි මවා
පිනි සීතේ දැනේවි කතා
#මතු_සම්බන්ධයි ....
෴කතාකරන අකුරු෴

Comments