ව්ප්ලවවාදියෙකුට පෙම් කලෙමි💖
"ඔයාට මං ගැන ගානක්වත් නෑ. ඔය යූනියන් එකම බදාගෙන ඉන්න.පිකටින් මීටින් ලෙක්චර්ස් විතරමනෙ ඔයාගෙ ජීවිතේ"👧
"ඇයි?"🧑
"ඔයා නිකමටවත් මං ගැන හොයලා බලනවද? මාත් එක්ක කතාකරන්නවත් වෙලාවක් නෑ ඔයාට.මං මැරුනත් ඔයා දන්නෙ නැති වෙයි"👧
"මොනාද සෙනාලි මේ කියන ගොන් කතා?"🧑
"ඔව් ඒවා ගොන් කතා"👧
"දැන් මොකක්ද ඔයා මට කියන්නෙ? කොහොමද මං හොයලා බලන්න ඕන? ඉන්නෙ කොහෙද කාතෙක්කද කියලා ඇහුවම ඔයාට බොරු කියන්නත් පුලුවන් නේ.මට පේන්නෙ නෑනෙ.ඒකට තමයි කියන්නෙ විශ්වාසය තියෙන්න ඕන කියලා.ඔයා වැරැද්දක් කරන්නෙ නෑ කියලා දන්න නිසානෙ හොයන්නෙ නැත්තෙ"🧑
"ඔයා හැමදාම ඕක කියලා බේරෙනවා. හරි හොයලා බලන්න ඕන නෑ.හොස්ටල් එන්න පරක්කු වෙද්දි මැසෙජ් එකක් දාන්න බැරිද? පැය ගණන් මල් කඩන්න වෙලාව ඉල්ලනවා නෙවිනෙ.උදේ ගුඩ්මෝනින්ග් එකෙන් පස්සෙ ආයෙ සද්දයක් නෑ.ඔයා කොහෙද මොනවා කරනවද කියලවත් මං දන්නෙ නෑ"👧
"අනේ ඔහොම වෙන්නෙපා සෙනාලි.ඕක ආදරේ නෙවෙයි.ඔතන තියෙන්නෙ සැකේ"🧑
"මොකක්? එතකොට අපේ අම්මලා අපි ගැන හොයන්නෙ සැකේටද?"👧
"අම්මලා හිතන විදිහ අපිට කොහොමත් වෙනස් කරන්න බෑ.ඒත් මෙච්චර ඉගෙනගත්තු ඔයා ඇයි ඒ තරම් පටු විදියට හිතන්නෙ?
හරි....මට කියන්න ඇයි ඔයා මං ගැන එහෙම හොයන්නෙ? කෑවද අහන්නෙ, කෑවෙ නැතත් ඔයාට කන්න ගෙනත් දෙන්න බෑනෙ. අනික කන බොන එක මං කොහොමත් කරනවා. ආයෙ හොයන්න දෙයක් නෑ. ඉන්නෙ කොහෙද මොනවද කරන්නෙ කියලා අහන්නෙ මං වෙන කෙල්ලෙක් හුරතල් කරනවා ඇති කියල හිතලද???🧑
"ඔයා සද්ද නැතුව ඉන්නකොට මට බය හිතෙනවා.මුකුත් කරදරයක්ද කියලා දන්නෙ නෑනෙ"👧
"ඒ කියන්නෙ ඔයා නිතරම බලාපොරොත්තුවෙන් ඉන්නෙ මට කරදරයක් වෙන්න කියලා.නේ?
සෙනූ...මට අවුරුදු 24ක් වෙනවා.ඔයාටත් දැන් 23ක්. අපි දෙන්නම ගෙදරින් ඈත්වෙලා හොස්ටල් එකක තනියෙන් ජීවත් වෙන්නෙ අපිට අපි ගැන බලාගන්න පුලුවන් නිසා.පරිස්සම් වෙන්න ඕන විදිහ අපි දන්න නිසා.ඔයා දැන් මේ කියපු කතාව නිකන් මං මැරිලද කියලා දැනගන්න මං ගැන හොයනවා වගේනෙ"🧑
"ඉතිං එහෙනම් ඔයාට මොකටද කෙල්ලෙක්? මොකටද මාතෙක්ක යාලුවුනේ?
ඔයාගෙයි යාලුවොන්ගෙයි වෙනසක් නෑනෙ.එයාලත් මං ගැන ඊටවඩා හොයලා බලනවා.ඔයා මගේ ජීවිතේ ඊටවඩා විශේෂ වෙන්න ඕන නැත්ද?"👧
"ඒක ඔයාගෙ හිතේ මං ඉන්න තැන අනුව වෙන දෙයක් නෙ. අනික...ඔයාට යාලුවෝ එක්ක වගේම මාත් එක්කත් විවෘතව කතාකරන්න හැසිරෙන්න පුලුවන් නම් ඒකම මදිද????
ඊට එහා ඔයා මොනාද බලාපොරොත්තු වෙන්නෙ? සෙක්ස් ද?"🧑
"මොනව කියනවද මන්දා"👧
"ඉතින් ඔයා නොකිය කියන්නෙ ඒකනෙ.යාලුවොන්ට වඩා දෙයක් ඕනෙ කියලනෙ"🧑
"අනේ වැඩේමයි"👧
"ඔයාමනෙ ඒ දවස්වල කිවුවේ ආදරේ කියන අකුරු හතර ඉස්සර කරගෙන මිනිස්සු කරන්නෙ තමන්ගේ අවශ්‍යතා ඉශ්ටකරගන්න එක කියලා. ඔව්.ඒක ඇත්ත.මට ඒ වගේ සාම්ප්‍රදායික බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕන නෑ. ආදරේ කියන්නෙ කෑගහලා කියන්න ඕන දෙයක් නෙවෙයි සෙනූ දැනෙන්න ඕන දෙයක්"🧑
"ඉතිං මට ඔයාගෙන් කිසිම ආදරයක් දැනෙන්නෙ නෑනෙ"👧
"බදාගෙන කිස් කරගෙන සෙල්ෆි අරන් එෆ් බී දාගෙන සුදු මැණික පණ කියලා කතාකර කර ඔයා මගේ කියලා ලෝකෙට පෙන්න ස්ටේටස් ස්ටෝරීස් නොදාන නිසාද ආදරේ දැනෙන්නෙ නැත්තේ?
අනේ මට නම් එහෙම වෙන්න බෑ සෙනූ.
මං ඔයාට ආදරේ නැතුව ඇති.හැබැයි මට ඔයා වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න පුලුවන්.
ඉතිං ඔයා ඉන්නවනම් ඉන්න.ගියත් මං ඔයාව නවත්තන්නෙ නෑ"🧑
"ඔව් ඔයාට දැන් කොහොමත් ඕන මං මේක නවත්තලාදානවා බලන්න නේ"👧
"එහෙමනම් ඔයා යනකම් බලන් ඉන්නෙ මොන මඟුලටද?මට එපා නම් මං යනවා.ඇයි සෙනූ මෙහෙම මොන්ටිසෝරි බබෙක් වගේ හැසිරෙන්නෙ?
කෝ අර ඉස්සර හිටපු රැඩිකල් කෙල්ල? මං ආදරේ කරේ එයාට.
මං ජීවිතේ පතුළටම වැටිලා හිටිය වෙලාවෙ මට ගොඩ එන්න ඔයාත් ලොකු හයියක් වුනා.ඒ ශක්තිය මට ඔයාගෙන් හැමදාම ඕනෙ.මං ඔයාගෙන් බලාපොරොත්තුවෙන්නේ ඒක මිසක් මේ වගෙ පොඩ් පොඩි දේවල් වලට බොළඳ විදිහට රණ්ඩු කරන එක නෙවෙයි"🧑
"ඔයා මට ආදරෙයිද?"👧
"ඔයා බලාපොරොත්තු වෙන උත්තරේ ඔව් වුනාට මං ඒක කිවුවට ඔයා පිළිගන්නෙ නෑ.
ආදරේ නෑ කිවුවොත් නම් පිළිගනියි. ඉතිං ඔයාට දැනෙන ව්දියකට හිතාගන්න"🧑
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
රැඩිකල් කෙල්ලෙක් වෙන එක ලේසි වුනාට රැඩිකල් පෙම්වතියක් වෙන එක නම් ලේසි නෑ.ඒත් මං මේ රැඩිකල් ආදරේට ලෝබයි.ඉතිං කොහොමද මේ විප්ලවවාදියාව අතෑරලා බොළඳ ආදරයක් පස්සෙ යන්නෙ?
#පිදුරු_පොල්_අතු_නොවෙමු_පැරණි_ගෙට_සෙවිලි_වෙන
#සොඳුර_අපි_උළු_ම_වෙමු_අලුත්_ගෙපැලක්_තනන.......
෴කතාකරන අකුරු෴

Comments