නමක් නැති බැඳීම් හරි භයානකයි💖



මේ වැහි අඳුරයි සීතලයි හදවතට දෙන්නෙ අමුතුම හැඟීමක්.
ඊයෙ රෑ පටන්ගත්තු වැස්ස උදේ වෙනකන්ම එක දිගටම කඩන් වැටෙනවා.අහසත් අඬනවා ඇති. එහෙම හිතන ගමන් වැස්ස දිහා ඔහේ බලන් හිටපු මගේ ඇස් ආයෙම ෆෝන් එක දිහාට හැරුනේ පුරුද්දට.online එන හැම වාරෙම හොරෙන් හොරෙන් උඹ online ද බලන...
Message එකක් යවනවද නැත්ද කියලා කල්පනා කරලා ආපහු offline යන...
උඹේ last seen හොය හොය ඔත්තු බලන මේ අමුතු ආදරේ මට දැන් පුරුද්දක් වෙලා.

"Gdmng wasthu....oya thama nidida?"

ඒ ඔහුය.මා නෙත් පුල පුලා බලා සිටි ඒ කෙටි පණිවිඩිය තුළ ඇත්තේ මා සිත මොහොතකට සසල කළ ඒ ආදරය යි.

මගේ මුහුණේ ඉරියව් මගේම දුරකථන තිරයෙන් මට පෙනෙයි.මේ මළානික ඇස් වලට ඒ ඇඳුණු හිනාව ගැළපෙන්නෙ නෑ වගේ.

ආයෙත් notification එකක්.

විනාඩි ගානක් තිස්සේ මූණේ ඇඳිලා තිබුණු ඒ හිනාව නැති වෙලා යන හැටි මගේම ඇස් වලින් මං දැක්කේ මේ දුරකථන තිරයෙන්මයි.

මගේ මුලු සර්වාන්ගයම පිච්චිලා අලු වෙලා යනවා වගේ හැඟීමක් දැනුනා.

"Baba man awa.mahansiy.man tikak nidagannawa"

මේ මොහුය.ඒ කෙටි පණිවිඩය තුළ ඇත්තේ අවුරුදු 7ක මගේ නොඉඳුල් ආදරයයි!

ඒත්....නිතරම busy වෙන සඳරු ඉස්සරහ හැමවෙලේම හොයලා බලන දුලාජ් ළඟ මට දැනුනා ලොකු ආරක්ෂාවක්.

මහ ලොකු ඩිග් ‍රී අරන් මැරීගෙන වැඩ කරන්න ඕන නෑ, ටීචින් යන්න කියන සඳරුට වඩා ඔයා ඉගෙනගත්තු දේට වටිනකමක් දෙන්න කියන දුලාජ් ගෙ සිතුවිල්ලට මං කැමති වුනා.

අපේම අනාගතය වෙනුවෙන් රට ගියපු සඳරුට වඩා හැමදාම දකින කතාකරන දුලාජ් නිසා තත්පරේකට හරි මගේ හිත සෙලවුනේ නෑ කියනවනම් ඒක බොරුවක්.

තාමත් වැට උඩ තියෙන මේ ආදරේ මගේ ලේ මස් ඇට නහර හරහා ඇට මිදුලු දක්වාම ගමන් කරන බවක් දැන් දැන් මට දැනෙන්නට පටන් අරන්.

හොරෙන් හොරෙන් උඹව බලන
Share කරන post බලන
පැන පැන උඹේ photo වලට react නොකරට
එක එක නැට්ටිච්චියන්ගේ heart reaction එකේ ඉඳන් profile එකට යනකන් හැමදේම මට මතක තිබුනා.

ඒත් ඒ ගැන අහන්න මට අයිතියක් නැති නිසාම පැත්තකට වුනා.

මාස දෙක තුනකට නොවැඩි උඹේ පරණ message බල බල new message වලින් inbox පිරෙනකන් ඇඟිලි ගැනපු මට මං තවකෙනෙකුගේ අවංක පෙම්වතියක් කියන එක සත්තයි අමතක වුනා.

උඹටත් හොරෙන් උඹව block කරලා bye වත් නොකියම ඈතට යන්න හිතුවත් උඹ ගැන ඔත්තු බලන එක නවත්තන්න මට බැරි උනා.

උඹටයි මටයි තිබුනේ පටන්ගත්තෙ නැති කතාවක්
ඉතින් කොහොමද ඒක ඉවරයක් වෙන්නෙ????

මගේ මේ හැම වෙනස්කමක්ම සම සිතින් දරාගෙන ඉන්න සඳරු ගැන තවදුරටත් මගේ හිතේ තියෙන්නේ අනුකම්පාවක් විතරමයි.ඒත් මට කිසිම වරදක් නොකියන ඔහුට මං ඒ දේ කොහොම තේරුම්කරන්නද????

"උඹ නම් මහ පුදුම කෙල්ලෙක්!"

මගේම හිත මට තරවටු කරන හඬ කන් පෙති පුරාවටම දෝංකාරදෙනවා මට ඇහෙනවා.
ඒත්.... දුලාජ් මගේ ජීවිතයම වෙලා....මට දැන් එහෙම දැනෙනවා.
පාඨක ඔබ මට නිසැකයෙන්ම බනියි.නමුත්.....
සඳරු ට මා අතහරින්නට ඉඩ දී ඇති බව පමණක් කියමි!
**************************************************
(සත් ‍ය කතාවක් ඇසුරෙනි)
පසුව ලියමි.
__________________________________________________________
ආදරෙයි නම්
ඒක හැමතිස්සේම
දැනෙන්න දෙන්න..
වෙලාවක් තියන වෙලාවටවත්
චුට්ටක් කතා කරන්න

පොඩි පොඩි ඉමෝජි
මෙසේජ් වලට පුලුවන්
වරුවක් දෙකක්
උඹ ගැනම මනෝ ගස්සන්න..

පණ්ඩිත කතා මොකටද
උඹ ආදරේ මට විතරනන්
ඔය හැටි ලොකුකම මොකටද?

තේරුන් ගැනීමයි නිදහසයි
කියල ලබ්බක් ඉස්සරහට දාගෙන
අතේ දුරින් ඉදන් බකන් නිලන්
ඉන්න එකද ප්රේමය ?

ආදරේ ඕනම වෙලාවට
බැයිනන් උඹට මගේ ළඟ
ඉන්න...
ජීවිතේ කඩන් වැටුන වෙලාවට
බැයිනන් උඹට මගේ
සතුටට හේතුවක් වෙන්න..
අනේ පලයන් ආපු අතක් බලාන

#යුද්දෙට_නැති_කඩුව_මට_කැකිරි_කපන්නද ?

(මෙය උපුටාගැනීමකි)


෴කතාකරන අකුරු෴

Comments

Popular posts from this blog

සෙනෙහසක උරුමය🌼

හදවත් දෙකක අරගලය💔