මියැදෙන්නම් ඔබේ නමින්💖



අද වැඩිහිටි නිවාසේ වාර්ෂික වන්දනා ගමන.කාලෙකින් ආයෙමත් අපේ ගම් පලාතට යන එක ගැන හිතේ පුංචි සතුටක් ඇති වුනා. ගමෙන් ඈත්වෙලා දැන් අවුරුදු තිස් ගානකටත් කිට්ටු වෙනවා.

පාරවල් සේරම අලුත් වෙලා.අඳුරගන්නත් අමාරුයි.කඩ පේලි ඔක්කොම වෙනස් වෙලා.ඒත් පන්සල නම් ඒ විදියමයි.ලඟදි පේන්ට් කරපු පාටයි.එළියයි.එදා වගේම හඳුන්කූරු සුවඳ පාර පුරාවටම පැතිරිලා.

ඉස්සර නම් හැම සෙනසුරාදාවකම වරද්දන්නෙ නැතුව මේ පුද භූමියට ආපු මට අද ආගන්තුක බවක් දැනෙනවා.
අහම්බෙන් වගේ මගේ ඇස ගැටුනේ බෝධිය වටේ පැන් කළ දෙකක් අරගෙන යන තරුණ ජෝඩුවක්.

උස මහත සද්දන්ත සිරුරක් හිමි වූ පිරිමි දරුවා එක්ක හිටියේ සිහින් සිරුරක් හිමි කුඩා ගැහැණු දරුවෙක්.
ඒ දසුන මගේ සිත අවුරුදු ගානක අතීතයට අරගෙන ගියා.

ඒ කාලේ මං මේ බෝධිය ළඟ ප් ‍රාර්ථනා කළේ අවංක ආදරයක් ලැබෙන්න කියලා.
ඊටපස්සෙ මං ප් ‍රාර්ථනා කළේ ඒ ආදරේට හැමෝගෙම ආශිර්වාදය ලැබෙන්න කියලා.
අන්තිමට මං මේ බෝධිය ළඟ වැඳවැටිලා ඉල්ලුවේ ඒ ඇස් කවදාවත්ම දකින්න ලැබෙන්න එපා කියලා.

ජීවිතේ මං ප් ‍රාර්ථනා කරපු කිසි දෙයක් නොලැබුනත් ඒ අන්තිම ප් ‍රාර්ථනාවනම් ඉෂ්ට වුනා.

දෙවියෝ කවදාවත් මට ඒ ඇස් මුණගැස්සුවේ නෑ.
ඒත් අද මං ආවේ මැරෙන්න කලින් එකම එකම වතාවක් ඒ රූපේ දකින්න දෙන්න කියලා ඉල්ලන්න.

කාලයත් එක්ක අපේ සිතුම් පැතුම් වෙනස් වෙන හැටි හරි පුදුමයි.මට සිහින් සිනාවක් නැගුනා.

"උපාසකම්මේ....."

මං ළඟින්ම කවුරුහරි කතාකරනවා ඇහුනා.

බෝ මළුවේදි මං දැකපු උස මහත පිරිමි දරුවා මගේ දිහාවට බත් පැකට් එකක් දික්කරගෙන.

#හෙට_අපේ_තාත්තගේ_හත්_දවසේ_දානේ ._අද අපි ළමා නිවාසෙකට_දානයක්_දුන්නා…_ඉතිරි_
බත්_පැකට්_උපාසකම්මලාට_දෙන්න_කි
යලා_ලොකු_හාමුදුරුවො_කිව්වා"

"බොහොම පින් දරුවෝ"

ඒ ඇත්තන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා මං බත් පැකට් එක අතට ගත්තා.
පසෙකින් පෙනුන කාර්‍යාලය වෙත යන ඒ දරුවා දිහා බලාගෙන හිටපු මට යමක් මතක් වුනා

#පුතේ "

"ඇයි අම්මේ?"

මගේ ඇස් වල කඳුලු පිරුනා.
ජීවිතේ වැඩිම කාලයක් දුවේ පුතේ කියලා දරුවන්ට කතා කළත් #අම්මේ කියලා මට කතාකල පළවෙනි දරුවා!

"පුතේ මේ කීයෙ නෝට්ටුවක්ද?

කණ්ණාඩිය අමතක කරලා ඇවිත්නේ."

පහන්තිර පැකට් එක ඇතුළේ දාගෙන ආපු සල්ලි කොලයක් දික් කරන ගමන් මං ඇහුවා.

"රුපියක් දාහක් අම්මේ"

"අනේ පුතේ මේකත් පන්සලට ආධාර විදියට පූජා කරන්න පුලුවන්ද?"

"හරි අම්මේ එන්නකෝ අපි යන්."

"හරි පරිස්සමට මං ඒ ශක්තිමත් බාහු වලට වාරු වෙලා ඇවිද්දා."

"අම්මගෙ නම?"

"මගේ නමක් ඕනෙ නෑ....පුතාගෙ නමින් දෙන්නකෝ."

#සසිඳු_සත්සර

"හොඳට පුරුදු නමක්!"

"මං මොරටුව කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් අම්මේ.ටී.වී එකේ එහෙම දැකලා පුරුදු ඇති අම්මට."

"ආ ඒක වෙන්නැති එහෙනම්.දැක්ක වෙලාවෙ ඉඳන් හරිම හුරු පුරුදු බවක් දැනුනා.
කල්පනාව අඩුයි පුතේ දැන්.
මතක නැහැ ඒ නිසා."

පියගැටපෙළ පාමුලටම ඇවිත් ළඟ තිබුන ලයිට් කණුවට වාරු වුනේ කකුල් අමාරුව තදින්ම දැනුන නිසා.
තත්පර ගානක් ඇතුළත මගේ ඇස් නතර වුනේ ලයිට් කණුවේ අලවලා තිබුණු මරණ දැන්වීම ළඟ.

විහඟ මහේශාක් ‍ය දෙශප්‍රිය

ඇස් ඉදිරිපිට හෙන දාහක් ගැහුවා වගේ මගේ ඇස් නිලංකාර වුනා!
කලු සුදු ෆොටෝ එකවත් පුංචි අකුරින් මුද් ‍රණය කරලා තිබුන උපත විපතත් කණ්ණාඩිය නැතිව පැහැදිලිව පෙනුනේ නෑ

අතීත සිදුවීමක් සැලෝලයිට් දර්ශනයක් වගේ ඇස් ඉස්සරහ ඇඳෙන්න ගත්තා.
"මං ඊයෙ සුපිරි හීනයක් දැක්කනේ"
_මොකක්ද?
"නයෙක් දැක්කා"
_එහෙනම් ඔයාට බබෙක් හම්බෙයිද දන් නෑ
"ඉන්නකො කියනකන්
ඒ නයා මාව කන්න හැදුවා.එතකොටම තව ලොකු නයෙක් ඇවිත් මාව බේරගත්තා.ඒ නයා මට රහසින් වගේ #සසිඳු_සත්සර කියලා ගියා.
මං නැගිට්ට ගමන් කරේ ඒ නම සේව් කරගත්තු එක.
කවදහරි මගේ ළමයට දාන්නෙ ඒ නම."
_දුවෙක් වුනොත්?
"සසින්ද් ‍යා සත්සරණී කියලා දානවා"
_ඒවට තමයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හීන කියලා කියන්නේ
"හ්ම්ම්..."

මගේ හිත අතීත සිතිවිලි දාමයක හිර වෙලා තිබුණේ.ලයිට් කණුවක් අල්ලගෙන තනියම හිනාවෙන මං දිහා දෙතුන් දෙනෙක්ම අනුකම්පාවෙන් බලනවා මං දැක්කා.

උස මහත සද්දන්ත ශරීරය
හත් දවසේ දානෙ
සසිඳු සත්සර
ඔව්....ඒ විහඟගේ පුතා.

විනාඩි කිහිපයකට කලින් මං කරපු ප් ‍රාර්ථනාවත් බිඳිලා ගියා.
මැරෙන්න කලින් මට ඒ ඇස් දකින්න ලැබුනේ නෑ.

මං තව මොනවා බලාපොරොත්තු වෙන්නද?
අනේ විහඟ.....ඊළඟ ආත්මෙදිවත් හැමෝටම කලින් මාව මුණගැහෙන්න.

ඒ ප් ‍රාර්ථනාව මං දෙවියන්ගෙන් නෙවෙයි ඔයාගෙනුයි ඉල්ලන්නෙ.මොකද දෙවියෝ කවදාවත් මගේ ප් ‍රාර්ථනා ඉෂ්ට කරලා දුන්නේ නෑ.

අලවලා තිබුන මරණ දැන්වීමත් ගලවගෙන මං ආපහු හැරිලා බැලුවේ බැහැගෙන ආපු පියගැටපෙළ දිහා.

මේ තරම් දුරක් මං තනියම ආවනේ දෙයියනේ!
තව ටික දුරයි තියෙන්නෙ.
එහෙම හිතමින් මං ඈත පෙනෙන අපේ බස් රිය වෙතට පය ඉක්මන් කලා.

හැමෝගෙම ජීවිත වල තියෙනවා මිලි තත්පර ගානක් ඇතුලෙ වුනත් ජීවිතේ විඳින්න පුලුවන් මතකයක් වෙච්ච ආදරයක්......

රැඳෙන්නට අවසර නැතත් හිත අස්සෙ තද කරන් මැරෙනකන්ම පරිස්සම් කරන.....
#අවසන්_හුස්මෙදිත්_අමතක_නොවෙන_හරි_පුදුම_ආදරයක් !


෴කතාකරන අකුරු෴

Comments

Popular posts from this blog

සෙනෙහසක උරුමය🌼

හදවත් දෙකක අරගලය💔