සඳට සඳ අහිමි වූ සඳ💖


අපොයින්ට්මන්ට් කොළඹට ඉල්ලුවෙ ගෙදර හිටියොත් අම්මාගෙ ප්රපෝසල් කරදරෙන් බේරෙන්න වෙන්නැති නිසා. 2010 මං මෙහෙට එද්දී මට අවුරුදු 24යි.දැන් අවුරුදු අටකුත් වෙනවා.ඒත් තාමත් සමහර සිද්ධි විහඟ ගෙ මතකය අවුස්සනවා.

ඒ තවත් එක දවසක්.Wendy whatmore Academy එකට ළමයි රෙජිස්ටර් කරගන්න දවස.

What's your name බබා?

*සත්සිඳු අභිලාෂ් දේශප්රිය*

දේශප්රිය?????මගේ හුස්ම තත්පර දෙක තුනකට නැවතුනා වගෙ දැනුනා.විහඟ මැරි කරලා ඇති කියලා හිත හදාගන්න හැදුවට ඒක පිලිගන්න මගේ හිත ලැහැස්ති නෑ.

 මං ඔලුව උස්සලා බැලුවෙ බබා එක්ක ආපු කඩවසම් තරුණයා දිහා.
මේ කවුද,විහඟ නෙමෙයිනෙ!
මගේ හිත සැනසුම් සුසුමක් හෙලුවා.

විහඟගෙ සර්නේම් එක නිසාද මන්දා මං සත්සිඳුට ගොඩක් ආදරේ වුණා.

විහඟ කියන්නෙ මගේ එකම ආදරේ. ඒත් එයාට නම් මාව යාලුවෙක් විතරයි කියලා තමයි එයා කිව්වෙ. ඒත් අපි  අතර ඒ තරම් දේවල් වුනේ යාලුකමකට ද කියන එක මට තාම තේරුම්ගන්න බෑ.

මම එහෙම ලස්සන සුදු කෙල්ලෙක් නෙමෙයි.කිසිම කොල්ලෙක් මගෙන් කැමතිද කියලා අහලවත් නෑ.ඉතින් විහඟ මාව අතහැරපු එක ගැන මට ප්රශ්නයක් නෑ. ඒත් එයා මට ආදරේ කරේ ඇයි කියන එකයි ප්රශ්නෙ.
විහිලුවක් උනත් විහඟගෙ ආදරේ මගෙ වේලිලා තිබුණ හිතට පොද වැස්සක් වුණා.

සත්සිඳුගෙන් මම විහඟව දැක්කා.ඒ පොඩ්ඩත් විහඟ වගේම හරිම කටකාරයි.නොදන්න මගුලක් නෑ.ප්රශ්න අහලා ඉවරෙකුත් නෑ.පාලු මකන්න හොඳයි.

ඉස්සර විහඟත් එහෙමයි.ක්ලාස් ගිහින් ඇවිත් වුණ හැමදේම තොරතෝංචියක් නැතුව කියවනවා.පොඩි එකෙක් වගේ.මං මගේම දරුවෙක් වගේ එයාව බලාගත්තෙ.

සත්සිඳුටත් තිබුණේ විහඟට වගේම අකීකරු ලස්සන කොණ්ඩයක්.කවදාවත් ඒ කොණ්ඩෙ පැත්තට පීරන්න බෑ.කරන්ට් වැදුනා වගේ උඩටමයි හිටින්නෙ.

හැමදාම ඉතිං ක්ලාස් ඉවරවෙලා තාත්තා සත්සිඳුව එක්කන් යන්න එනකන් මං ජනේලෙන් පොඩ්ඩා දිහා බලන් ඉන්නවා.

විහඟගෙ ඒ ලස්සන හිනාවයි කොණ්ඩෙයි තියෙන පුංචි කොලු පැංචෙක්ට මං හැමදාම හීන මැව්වා.ඒත් මං වගේ අවාසනාවන්ත ගෑනියෙක්ට කොයින්ද එහෙම පිනක්?

සත්සිඳුලගෙ එලිමන්ට්රි එක්සෑම් එක ගැන ඉන්ෆෝම් කරන පේරන්ට්ස් මීටින් එක කන්ඩක්ට් කරන්න වුනේ මට.
වෙනදා වගේම සත්සිඳුගෙ තාත්තා එයාව ක්ලාස් එකට දාලා යන්න ගියා.

"පුතේ ඇයි තාත්ති එන්නෙ නැත්ද?"

"තාත්තිට වැඩ කිව්වා.මීටින් එක පටන් ගන්න කලින් කොහොමහරි එනවා කිව්වා"

මං සත්සිඳුව මගේ ලඟින් වාඩිකරගත්තා.පොඩ්ඩා මගේ ලැප්ටොප් එක අරන් ගේම්ස් හොයනවා.

"පුතා ලොකු වුනාම කවුද වෙන්න කැමති?"

"මට ඕනෙ මෙකාට්රොනික්ස් ඉගෙනගන්න"

මේකගෙ පන්ඩිතකම! මං මටම කියාගත්තා.විහඟත් ආසාවෙන් හිටියෙ ඒ සයිඩ් එකෙන් ඉස්සරහට යන්න. එයාටත් හරි අමුතු ආසාවල් තිබුණේ.එක වෙලාවකට ලොකු හොටෙල් එකක් දාන්න ඕනෙ කියනවා.තව වෙලාවකට ඇමති කෙනෙක් වෙන්න ඕන කියනවා.පිස්සු කොල්ලා!

අතීතෙ රස්තියාදුගහ ගහ හිටපු  මගේ හිත පියවි ලෝකෙට ආවෙ සත්සිඳු *තාත්තී* කියලා කෑගහන් දුවපු සද්දෙට.

ඒ දැකපු දෙයින්  මුලු ලෝකෙම මගේ ඇස් ඉස්සරහා කඩන් වැටෙනවා වගේ හැඟීමක් මට දැනුණා.

*විහඟ ඔයා!*

සත්සිඳු තාත්තී කිය කිය විහඟගෙන් මොනවදෝ ඇහුවත් ඒ ඇස් එක එල්ලේ බලන් හිටියෙ මං දිහා.

ඒ එක්කම ක්ලාස් එක ඇතුලට ආවෙ සෙනාලි.විහඟගෙ ෆස්ට් ලව් එක.ඒ ඇස් පුරුදු විදියටම තරහෙන් මං දිහා බලනවා මං දැක්කා.ඩ්රයිවර් විහඟ කාර් එකේ අමතක කරලා ආපු එයාගෙ ෆෝන් එක ගෙනත් දෙන්න ආපු අතරෙ මං ඉක්මනට එතනින් යන්න ගියා.

දෙවියනේ! මෙච්චරකල් සත්සිඳුගෙ තාත්තා කියලා මං රැවටිලා තියෙන්නෙ ඩ්රයිවර්ටනේ.

මගේ ඔලුව පුපුරන්න වගේ නිසා මං මැනේජ්මන්ට් එකේ වෙන ලෙක්චරර් කෙනෙක්ට මීටින් එක කන්ඩක්ට් කරන්න කියලා රෙස්ට් රූම් ආවා.

අවුරුදු ගානක් බලන් හිටියා විහඟ කවදමහරි මාව හොයන් එයි කියලා.ඒත් එයා මටත් හොරා එයාගෙ හීනෙට ගිහින් වෙන කෙනෙක් එක්ක.කොහොමත් විහඟගෙ කිසිම හීනෙක මං හිටියෙ නෑ.

ඔයාට ඇති වුනාම ඔයා මගින් හැරුණා.හැරෙන්නද,ඉස්සරහට යන්නද කියලා හිතාගන්න බැරුව මමත් ඔහේ ඇවිද්දා.දන්නවද? මේ සේහා තාමත් ඒ ආදරේට වරදක් කරලා නෑ විහඟ.ඒත් අපිට අපිව මගහැරුණා කොතනකහරි.
ඉතිං මං තව මොනවා වෙනුවෙන් බලන් ඉන්නද????

*හුස්ම දැන්වත් නැවතියන්....මට හුඟක් මහන්සියි දැන්*


෴කතාකරන අකුරු෴

Comments

Popular posts from this blog

සෙනෙහසක උරුමය🌼

හදවත් දෙකක අරගලය💔