ආදරය💖
ආදරය ඇත්තේ මහා ලොකු කැපකිරීම් තුළ නොවේ.
ආදරය යනු උදෑසන අවදිවූ විගස මතක් වෙන එකටය
#ඔයා_තාම_නිදිද?
හැඳ පැළඳ නිවසින් පිටවන විට හාදුවක් දී පරිස්සමින් යන්නැයි කියන්න ළඟ සිටියානම් කියා සිතෙන එකටය
කන්නට ලිහා ගත් බත් මුල අභියස මතක් වන එකටය
#ඔයා_කෑවද?
දහසකුත් එකක් වැඩ රාජකාරි මැද එකම තැනක සිත නතර වන එකටය
#කොහෙද_ඉන්නෙ?
#මොකද_කරන්නෙ?
පුංචිම සතුටක් පවා බෙදාගන්නට ඇති කැමැත්තටය
#ඔයා_වැඩද?
මුලු හිතම දියකර හරින දුකක් පාලුවක් තනිකමක් දැනුන විට බදාගෙන හඬන්නට ළඟ් සිටියානම් කියා සිතෙන එකටය
අසනීපයෙන් සිටි වෙලාවක අනෙකාගේ රෝග විනිශ්චයෙහි යෙදෙන එකටය
#බෙහෙත්_බිව්වද?
රෑ බෝවී නිවසට පැමිණෙන තෙක් නෙත් නොනිදන එකටය
#මහන්සියි_නේද?
මැසෙජ් කෝල් බලාපොරොත්තුවෙන් සැරින් සැරේට ෆෝන් එක දිහා බැලෙන එකටය
#ඔයා_හොඳින්ද?
ඔව්!
ආදරය ඇත්තේ පුංචිම දේවල් තුළය.
_____________________________________________
ආදරය කියන්නෙ පුරුද්දක්
පුරුද්දකට ගිය හැඟීමක්❤
෴කතාකරන අකුරු෴

Comments