හිරුට පෙම් කළ තරුව💖
පුන්චිම කාලෙ බර්ත්දේ පාර්ටි එකකින් අඳුරගත්ත උඹව ආයෙම මං දකින්නෙ අවුරුදු ගානකට පස්සේ O/L ක්ලාස් එකේදි. ඒ කාලේ දත් හැලුණු ආච්චියෙක් වගේ හිටපු උඹ දැන් ලස්සන වෙලා. උස ගිහින්.කොටටම කපලා තිබුණු කොන්ඩෙ දැන් පිට ගාවටම දිගයි.උඩට කරලා දාපු පෝනිටේල් එක උඹේ දාංගලේට දෙපැත්තෙට පැද්දෙන්නෙ උඹේ දඟකාරකම වැඩිකරන්නමයි.හිනාවෙද්දි වල ගැහෙන කම්මුල් සුදු නැතත් හරිම දැකුම්කලුයි.
හිනාවකින් පටන් අරගෙන පුන්චි පුන්චි වචන දෙක තුනක් හුවමාරුකරගත්තු අපි නැවතුනේ හොඳම යාලුවෝ වෙලා.
මම ක්ලාස් ආපු එකම හේතුව උඹ වෙද්දි
ගන්න හැම හුස්මක්ම උඹ නිසා වෙද්දි
හිතත් එක්ක එකතුවෙලා මගේ ඇස් මටත් හොරෙන් හෙව්වේ උඹම විතරක් වෙද්දි
උඹට එහෙම නැතුව ඇති.
ඒ නිසාම වෙන්න ඇති උඹ මටත් නොකියම සමහර දවසට ක්ලාස් එන්නෙ නැතුව හිටියේ. ඒ ඇවිල්ලත් අපි ගැන කතාකරන්න තියෙන වෙලාවෙ උඹ වෙන උන් ගැන මාත් එක්ක කියෙව්වෙ.
ආදරේද යාලුකමද කියලා මේ හැඟීම නිර්වචනය කරන්න මට ඕන වුනේ නෑ.මොකද මට මේක ආදරේම විතරක් වුන නිසා.
ප්‍රේමයම අයිතියක් කරගෙන අයිතියක් නැතුවම උඹට ප්‍රේම කරන මාව පිස්සෙක් වගේ උඹට පේන්න ඇති.
හැමෝම දකින අහන ආදර කතා ඇතුළේ මේක වෙනස්ම අමුතුම කතාවක්.
මගේ කියලා කියන්නත් බැරි
වෙන එකෙක්ගෙ වෙනවා බලන් ඉන්නත් බැරි උඹව, අදටත් අහම්බෙන් මුණගැහිලා වචනයක් කතාකරද්දි වුනත් මුළු හිතම අගුලු වැටෙනවා සත්තයි!
අතින් අත පටලන් ළඟම ඉඳගෙන එකට කෑවා බිවුවත් උඹ ළඟ ඉද්දි දැනෙන ඒ යාලුකමට එහා ගිය හැඟීම මං කොහොම විස්තර කරන්නද?
ළඟම දැවටෙන්න පින නැතිව ලතැවෙන පෙම්වතුන් අතරෙ මගේ ළඟම දැවටුනත් මගේ කරගන්න බැරි උඹ ඉස්සරහ මමත් ප්‍රේමවන්තියක්... උඹට අසීමිතව ආදරය කරන.
ඔව්..උඹලා මට සමලිංගිකයා කියයි!
දකුණු අතින් ලියන බොහොමයක් අතරේ වමතින් ලියන උන් ඉන්න බැරිද?
සමහර දේවල් තියෙනවා අපිට වෙනස්කරගන්න ඕනෙ උනත් වෙනස් කරගන්න බැරි.
මොකද.....සම්මත වුනත් අසම්මත වුනත් ආදරය කියන හැඟීම උපදින්නෙ කාගෙ වුනත් හදවතේ.
අනිත් ආදරවන්තයෝ වගේම මමත් බලාගෙන හිටියා උඹ ළඟම ඉන්න. උඹ මගේ ළඟම තියාගන්න.
තේරුමක් නෑ කියලා හිතෙන වෙලාවලදී මට හිතුනා මේ වදකාර ආදරේට තිත තියලා ඉවරයක් කරන්න.
ඒත් පටන්ගත්තෙවත් නැති අපේ කතාවට කොයින්ද අවසානයක්?
සිද්ධ වුණු හැමදේම නපුරු හීනයක් කියලා අමතක කරන්න හැදුවට කාලයට බැරිවුනා මගේ හිතත් එක්ක පැටලුණු උඹේ මතක පුලුස්සලා දාන්න.
උඹත් හරියට මූදු රළ වගේ. හදිස්සියේම ඇවිත් මුලු හදවතම සිපගෙන ආයෙම ඇදිලා යනවා. ළඟ රැඳෙන්නට අවසර නැති වෙරළ වගේ මං බලාගෙන ඉන්නවා උඹ ආයෙම ඇවිත් යනකන්.
මං දන්නවා උඹට විතරමයි පුලුවන් මං ආදරේ කරන තරමටම මට රිද්දන්න.
🎵කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්...
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්...
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්...
කරනු බැරි තහනම්🎶
෴කතාකරන අකුරු෴

Comments