සමානාත්මතාව💖

සමානාත්මතාවය යනු තවත් එක් සටන් පාඨයක් පමණක්ම වූ කල
_______________________________________________

ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙවෙයි විඳින්න කියලා හැමෝම කිවුවාට මොකද විඳින්න තියා විඳවන්නවත් මේ හැමෝටම ජීවිතයක් තියෙද කියලා මට අහන්න ආසයි.

තම තමන්ගෙ පැවැත්මට ජීවත්වෙන්න දඟලන මිනිස්සු අතරේ ජීවිතේ තේරුම් අරන් ජීවත්වෙන්නේ කීයෙන් කීදෙනාද??

අපේ ජීවිත සංස්කෘතියට සම්ප්රදායට කොටුවෙලා සමාජය කියන බැම්මට හිරවෙලා අපේ නිදහස හේදිලා ගිහින්.

විශේෂයෙන් ගෑණු ළමයෙක්ගෙන් සමාජය ගොඩාක් දේවල් බලාපොරොත්තුවෙනවා.කතාකරන විදිය,කන බොන හැසිරෙන විදිය,මිනිස්සු ආශ්රය කරන විදිය වගේ ගොඩාක් දේවල් වලින් ගෑණු ළමයෙක්ව මනිනවා.
ඒත් ජීවිතේ මෙහෙම ගෙවීගෙන යද්දි මට හරි අමුතු ජීවින් කොට්ඨාසයක් මුණ ගැහුණා.

උස මහත අතින් වෙනස්...කළු සුදු අතින් වෙනස්...වත් පොහොසත්කම් කෑම බීම කතා බහ ඒ හැමදේම වෙනස්.හැබැයි අදහස් වලින් අපි හැමෝම එක විදියක්.

අපි දිහා බලපු ගොඩාක් අය කිවුවේ කුණු එකතු වෙන්නේ කුණු වලටමයි කියලා.ඒ කුණු වලටත් අපි වටිනාකමක් දෙන්න තීරණය කරා.

අපි හැම තත්පරේකම හිනාවුනා.ඒ හැම තත්පරේකින්ම ජීවිතේ ඉගෙනගත්තා.ඇත්ත කියලා ගෙදරින් එළියට බැස්සෙ නැතත් බොරු කියලා කවදාවත් වැරදි වැඩ කළේ නෑ.
සෙට් එක එකතුවෙන තැනදී අපි අපේ අහිංසක සතුට හොයාගෙන ගියා.
අවධානමක් වුනත් ජීවිතේට ලොකු අත්දැකීමක් වෙනවා.
ඒත් අපේ දෙමාපියෝ කියන්නේ

"ඔයාලා කොල්ලො නෙවෙයි.ඒක මතක තියාගන්න"
කියලා.

කොල්ලො කෙල්ලො කියලා වෙනසක් ඇයි?

හැමෝම ලේ මස් ඇට නහර වලින් හැදුනු මිනිස්සු නේද?????
හැමෝගෙම හැඟීම් අවශ්යතා එකයි නේද???
ගෑණු ළමයෙක්ට විතරක් ඒ නිදහස සීමා වෙන්න හේතුව මොකක්ද?????

පිරිමි ළමයෙක් මොන වරද කරත් කමක් නෑ.
# ඒ_කොල්ලෙක්නෙ #
ඒත් ගෑණු ළමයෙක් හයියෙන් හිනා වුනත් ඒක "නැහැදිච්චකම".

සමාජයේ සර්ව සම්පූර්ණ විය යුත්තේ කාන්තාව විතරද???

හැමෝම එකම රාමුවක ඉඳගෙන සාම්ප්රදායික පිළිතුරු ආදේශ කර කර ජීවිතේ කියන ගැටලුවට විසඳුම් හොයනවා.

එහෙම සමාජය #නැහැදිච්ච_අය # විදියට පිළිගන්නේ අපි වගේ අයව නම් මං අපි ගැන අවංකවම ආඩම්බර වෙනවා.

මොකද....

තමන්ගෙම ජීවිත පාගගෙන සමාජයට දණගහලා වඳින මිනිස්සු අතරේ අපි අපේ ජීවිත වලට කොයිතරම් නම් වටිනාකමක් දීලා තියෙනවද??

ඉතිං...
නුපුරුදු සමාජයක් වෙනුවෙන් අපේ ජීවිතවල ඒ වටිනාකම නැතිකරගන්න ඕනෙද??

කොහෙත්ම නැහැ!

මොකද....
# අපි_අරටුවෙන්ම_වෙනස්_නිසා #


෴කතාකරන අකුරු෴

Comments

Popular posts from this blog

සෙනෙහසක උරුමය🌼

හදවත් දෙකක අරගලය💔