සිතන්නට යමක්💖



දත් වලට හසුවී දිව කෙතරම් වේදනා විඳින්නට ඇත්ද?
නමුත් තවමත් ඔවුන් දෙදෙනා එකම මුවක් තුළ සහයෝගයෙන් සිටින හැටි අපූරුය.
එයයි සමාව දීමේ වැදගත්කම.
දෙනෙත් කිසිදා ඔවුනොවුන් දැක නැත.
නමුත් ඔවුන් ලෝකය දකින්නේ එකටය.ඇසිපිය සලන්නේද කඳුලු සලන්නේද එකටමය.
එයයි සහජීවනයේ වැදගත්කම.
ඉතා තියුණු රේසර් තලයකින් රැවුල කැපිය හැකි නමුත් විශාල ගසක් කැපිය නොහැකිය.
ඉතා ශක්තිමත් පොරෝ තලයකින් විශාල ගසක් කපා දැමිය හැකි නමුත්
රැවුල කැපිය නොහැකිය.
සෑම දෙයකටම
කෙනෙකුටම
ආවේණික වැදගත්කමක් ඇත.
එනිසා කිසිම දෙයක්
කිසිම කෙනෙක්
අනවශ් ‍ය යැයි සිතා අතහැර නොදමන්න.


෴කතාකරන අකුරු෴

Comments

Popular posts from this blog

සෙනෙහසක උරුමය🌼

හදවත් දෙකක අරගලය💔