ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ💖
ලේ එකක් චෙක් කරගන්න ගියේ සවනිගේ බලකිරිල්ල නිසාමයි.
"HB අඩුයි. ලීස්ට් අමවුන්ට් එක 12ක් තියෙන්න ඕනෙ.ඔයාගෙ 8යි තියෙන්නෙ.අනිත් ටෙස්ට් එකෙ රිපෝර්ට්ස් ටිකත් බලලම තීරණය කරමු මොකක්ද කරන ට්‍රීට්මන්ට් එක කියලා"
ඩොක්ටර් එහෙම කිවුවට මොකක් හරි ලොකු අවුලක් තියෙන විත්තිය නම් ඩොක්ටර්ගෙ ඉරියව් වලින් තේරුණා.
ටෙස්ට් රිපෝර්ට්ස් වලට සල්ලි ගෙව්වම තව අතේ තියෙන්නෙ රු.5000ක් විතරයි. එන මග දිගට මං කල්පනා කළේ මේ සල්ලි වලින් මේ මාසෙ මැච් එකක් ගහන්නෙ කොහොමද කියලා.
අපරාදේ ප්‍රයිවට් චැනල් කරේ කියලත් හිතුනා.ඒත් හොස්පිට්ල් ගියා නම් මං තාම වේටින්ග් ලිස්ට් එකේ.
ටෙස්ට් එක කරලා තියෙන්නෙ තැලසීමියාවට.රිපෝර්ට්ස් ඇවිත් පොසිටිව් කියලා. regular blood transfuse එකකට යන්න වෙයිලු. හැම මාසෙම ලේ පයින්ට් 4ක් මට පිටින් දෙන්න ඕනෙලු.
ලෝකයක් ඉස්සරහ මං තනිවෙලා කියලා හැඟීමක් ජීවිතේ පළවෙනි පාරට දැනෙන්න ගත්තා. කා එක්ක බෙදාගන්නද මේ දුක? ළඟින් ඉන්න සවනි එක්ක ඇරෙන්න?
ඇක්සිඩන්ට් එකකින් එක්තැන් වෙලා ඉන්න තාත්තට,
පවුලේ බර කරට අරගෙන කෑම තම්බ තම්බ එදා වේල හොයන අම්මට,
තවම A/L වත් නොකරපු නංගිට,
තව අවුරුද්දකින් බඳින්න බලාගෙන ඉන්න තිසරු අයියට,
කොහොමද මං කියන්නෙ මගෙ අවිනිශ්චිත ජීවිතේ ගැන?
අවුරුදු 25ක් වෙලත් තවත් එයාලට බරක් වෙන්න බැරි නිසාමයි නුවර රස්සාවකට ආවේ.බෝඩිමට 12ක් දීලා ගෙදරට 10ක් යැව්වම හැම මාසෙම මට ඉතිරි වුනේ රු.8000යි.ඒ නිසාමයි නිවාඩු දවසට අමතර පන්තියක් දෙකක් කරලා සල්ලි හොයාගන්නේ.
ලේ ගන්න නම් සතියේ වැඩකරන දවසක ඇඩ්මිට් වෙන්නලු.දවසකට දෙන්න පුලුවන් පයින්ට් 2යි ලු. ඉතින් දවස් දෙකක් ඇඩ්මිට් වෙලා ඉන්න වෙනවා.ලේසියකට නිවාඩුවක් ගන්න බැරි මේ රස්සාවත් එක්ක කෝ මට මං ගැන හිතන්න වෙලාවක්?
දවසින් දවස ඇඟ දුර්වල වෙද්දි, නිතර නිතර ලෙඩ වෙද්දි, එතනින් එහා ජීවිතයක් ගැන හිතන්නවත් මං බය වුනා.
මට මගේ එකම ආදරේ අතරමඟ නතර කරන්න වුනා. එයා තාමත් හිතාගෙන ඇති මං වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා.කමක් නෑ. මට මගේ නිර්දෝශී භාවය ඔප්පු කරන්න ඕනෙ නෑ.
අනේ දෙවියනේ කවදාවත් එයාට දැනගන්න තියන්නෙපා මං එහෙම කළේ එයාගෙ අම්මගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා කියලා. කොයි අම්මද කැමති තමන්ගෙ දරුවා ලෙඩෙක් කසාද බැඳලා දුක් විඳිනවා බලන්න? ඒ නැතත් වචනෙකින්වත් මට වෙනසක් නොකරපු ඒ අහිංසකයාගෙ ජීවිතේ කොහොමද මං කාළකණ්නි කරන්නෙ?
කොහොම වුනත් ජීවිතේ අවුරුදු 30කට 35කට වඩා ගෙවෙන්නෙ නැතිවෙයි. ඉතින් එහෙම එකේ මට මං ගැන හිතනවට වඩා
ලෙඩ ගානෙ ඉන්න තාත්තා,
උදේ රෑ දුක් විඳින අම්මා,
ඉගෙනගන්න නංඟී,
වෙනුවෙන් දෙයක් කරන්න තියෙනවා.
තාත්තගෙ කකුල සනීප කරගන්න
අම්මට තවත් දුකක් නොදෙන්න
නංඟිව කොහොමහරි කැම්පස් යවන්න
විතරයි මට ඕනෙ.
ඉතින් අද මගේ ක්ලිනික් දවසේ මං උදෙන්ම ලෑස්තිවුනේ හවස shift එකට කලින්, දාගත්තු අමතර පන්තිය කරන්න යන්න.
ඔවු! මැරෙන බව දැන දැනත් ජීවත් වෙන එකම තමයි ජීව්තේ☺️
෴කතාකරන අකුරු෴

Comments